my destiny 🥀 part 02

4.2K 556 61
                                    

My destiny 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Part 02_________

ජන්කුක් එලියට ගියත් නැගිට ගන්න ඇගට පන තිබුනේ නැති නිසා මං එහෙමම හිටියේ වෙලාවක් ගැනවත්, මේ ගෙවෙන්නේ රෑද දවල්ද කියලවත් හරියට හිතාගන්න බැරුව,,,,,,

කෑ ගහලම තොල කට වේලිලා ගිහින් තිබුනත් කදුලක ලුනු රස ඇරෙන්න වතුර ටිකක් දෙන්න කෙනෙක් හිටියෙ නෑ, කල්පයක් වගේ දැනුන හෝරා ගානකට පස්සේ ආපහු දොර ඇරගෙන ඇතුළට ආවේ ජන්කුක්,,,,

එයාගේ පිටිපස්සෙන් කාමරේ ඇතුලට ආවේ තවත් ගෑණු කෙනෙක්, මාව දැක්ක ගමන්ම අත් දෙකම ඔලුවේ තියාගත්ත එයා අඩියට දෙකට මගේ ලගට ආවා,අතේ තිබුන වතුර වීදුරුව මගේ මූනට විසි කරපු ජන්කුක්,,

"අජුම්මා ඔය ගෑනිව වොෂ් රූම් එකට ඇදලා දාලා,ආවහම කන්න මොනව හරි දෙන්න, මං හවස එන්නේ හොදේ "

"මොකක්ද දෙයියනේ මේ කරලා තියන විනාසේ "

"අජුම්මා කියපු දේ කරන්න මගේ යකා අවුස්ස ගන්නේ නැතුව "

අජුම්මා ටත් කෑ ගහලා සද්දෙට දොර වහගෙන ජන්කුක් එලියට ගියා, මාව හිමීට නැගිට්ටවලා වොෂ් රූම් එකට එක්කන් ගිහින් පොඩි දරුවෙක් නාවනවා වගේ මාව නාවපු අජුම්මා මාව කාමරේ ට එක්ක ඇවිත් ඇදුම් අන්දලා,,,,

"පුංචි නෝනා ඔහොම ඉන්න මං රස්නෙන් බොන්න දෙයක් අරන් එන්නම් "

මෙච්චර වෙලා හිර කරගෙන හිටපු දුක ඉකියක් වෙලා පිටවෙද්දී මං අජුම්මා ගේ ඉන වටේ අත් දෙක පටලලා අජුම්මා ගේ ඇගේ මූණ තියාගෙන කෑ ගහලා අඩන්න ගත්තේ ඔම්මා නැති වුනාට පස්සේම ඔම්මා කෙනෙක් ගේ උනුසුම රැකවරණය මට ආපහු දැනුනේ අජුම්මා ලගින් නිසා,,,,

වචනයක් වත් නොකියා මගේ ඔලුව අත ගාපු අජුම්මා ටික වෙලාවකින් මාව එහෙමම ඇදේ හාන්සි කරලා ගිහින් මට බොන්න සුප් එකක් අරගෙන ආවා,,,

ඇගට දැනෙන වේදනාවයි මහන්සියයි එක්ක මට එහෙමම නින්ද ගියා, කොච්චර වෙලාවක් නිදාගන හිටියද කියල තේරුමක් මට තිබුනේ නෑ, කවුරු හරි අතින් ඇදලා මාව ඇදේ ඉන්දවපු නිසා මං ඇහැරුනා,

කාමරේ ලයිට්ස් ඔන් කරලා තිබුන නිසා අමාරුවෙන් ඇස් ඇරපු මං දැක්කේ මගේ ඉස්සරහ හිට ගෙන ඉන්න ජන්කුක්ව,,

🥀My Destiny 🥀  Completed.Where stories live. Discover now