My Destiny 🥀🥀🥀 Part 10

3.3K 573 84
                                    

My destiny 🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

Part 10........ ......... ........

පහුවදා උදේම මට ඇහැරුනත් ජන්කුක් හිටියේ නිදාගෙන, හා පැටියෙක් වගේ නිදාගන ඉන්න විදිය දකින කොට දාලා යන්න හිත ලෝබ කම් කරත්, තවදුරටත් එකට එකතු වෙලා යන ගමනෙන් සැනසීමක් නෑ කියලා මං තේරුම් අරගෙනයි හිටියේ,,,,,

හැමදේම අමතක කරලා මං ජන්කුක් ලග නැවතුනත් මට එයා වෙනුවෙන් ඉෂ්ට කරන්න බැරි යුතුකම් නිසා මට හැමදාම පසුතැවිලි වෙන්න වේවි, ඒත් දුක හංගගෙන මං ඈතට ගියොත් කාලයත් එක්ක ජන්කුක් එයාගේ ජීවිතේ ඉස්සරහට යාවි, කාලයත් එක්ක මගේ හිතේ තුවාල කැලැල් මැකිලා යාවි, දුරක හිටියත් මේ ලස්සන මතකය මාව හැමදාම සතුටින් තියාවි,,,,

නින්දෙන් ම පුංචි කෙඳිරියක් එක්ක මගේ පැත්තට හැරුන ඒ මූන හාදු වැස්සකින් තෙමන්න හිතට ආපු අදහස මං එහෙමම හිත අස්සෙම ගුලි කර ගත්තා,,,,

මං කෙරුවේ අත්දෙක නවලා ඔලුවට යටින් තියාගෙන ජන්කුක් ගේ පැත්තට හැරිලා ඒ මූණ දිහාම බලාගෙන හිටපු එක, ටික වෙලාවකට පස්සේ ඇස් ඇරපු ජන්කුක් මාව දැකලා බය වුනා කියලා ලොකු වුන ඒ ඇස් දැක්කම මට තේරුනා,,

කලබලෙන් නැගිටලා වාඩි වුන ජන්කුක් ඊලගට මගේ දිහා බලලා බිම බලාගත්තා,, මාව දැක්ක ගමන් ඒ මූන රතු වෙනවා මං හොදටම දැක්කා,,,

නිදාගෙන හිටපු විදියටම ඒ මූනට එබුන මං,,,

"වේ ජන්කුක් "

"මීරා ඊයේ රෑ "

හතර වටේ කැරකුණු ජන්කුක් ගේ ඇස් නැවතුනේ වයින් ග්ලාස් දෙක ලග බාගෙකටත් වඩා ඉතිරි මගේ ග්ලාස් එකයි පුරවපු විදියට එහෙමම තියන එයාගේ ග්ලාස් එකයි දිහා කට ඇරගෙන බලාගෙන ඉන්න ජන්කුක් දැක්කම නම් මට තවත් හිනාව නවත්තගන්න බැරි උනා,,,,

"වේ ජන්කුක් "

"මීරා ඊයේ රෑ සිද්ධ වුන දේවල් මීරා ඇත්තටම........"

"ඒක ලස්සන මතකයක් ජන්කුක්, මුලු ජීවිත කාලෙටම මට ඊයේ දවස මතක තියෙයි,,,,, ඒ ගැන වද වෙන්න එපා "

❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣

තවත් දවස් දෙකකට පස්සේ පෝෂියා ආන්ටිගේ හන්ගුක් වල හිටපු යාලුවෙක් මගේ ඇපෲ වුන වීසා එකත් එක්ක පාස් පෝර්ට් එක මට ගෙනත් දුන්නේ ජන්කුක් ගෙදර හිටියේ නැති වෙලාවක,,,

🥀My Destiny 🥀  Completed.Where stories live. Discover now