My Destiny 🥀🥀🥀 Final

5K 743 316
                                    

My Destiny 🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

Final,........ .......... .........

"අප්පා ඉක්මනින් එන්නකෝ, ඔම්මා බලාගෙන ඇති අපි එනකම්, කෝ ඔම්මගේ gift එක ඉක්මනට දෙන්නකෝ "

අද ජන්කුක් ගෙයි මීරාගෙයි පුංචි රෝස මලගේ 25වෙනි උපන් දිනේ,, මීරා ජන්කුක් ට දුන්න ලස්සනම තෑග්ග තමා පුංචි මීරා,,ඔව් ජන්කුක් දෝණිට දීපු නම ජියොන්ග් මීරා,,,

අදට හරියටම මීරා යන්න ගිහින් අවුරුදු විසි පහක්, පුංචි මීරාව ජන්කුක් ට දීලා ලෝකේ තියන සොදුරම දඩුවම ජන්කුක් ට දීලා මීරා යන්න ගියා, ඇස් වලින් එක කදුලක් වත් වට්ටන් නැතුව ඔම්මා නැති අඩුව පොඩ්ඩක් වත් දැනෙන් නැතුව ඇස් මානෙම තියාගෙන පුංචි දෝනි ව බලාගන්න ජන්කුක් ව පොරොන්දු කර ගත්ත මීරා හදිසි හෘදයාබාධයකින් ජන්කුක් ව දාලා යන්නම ගියා,,,,

මීරා දැනගෙන හිටියා එයාට යන්න වෙන බව ඒ නිසාම දෝනි ලැබෙන්න හිටිය කාලේ මීරා දෝනිගේ හැම උපන් දිනේට ම පුංචි කාඩ් එකක් එක්ක ලියුමක් ලියලා අරන් තියලා තිබුනා,,,,

අද තමයි මීරගේ අන්තිම තෑග්ග දෝණිට ලැබෙන දවස, මීරගේ ම හැඩරුව අන්ශු මාත්‍රයක් වත් වෙනසක් නැතිව අරගෙන ආපු පුංචි මීරා, අසාධාරණය දැක්කම දෙපාරක් නොහිතම විරුද්ධ වෙන, ඕනම දේකට බය නැතුව කථාකරන කිසිම දේකට බය නැති ලේසියකට කදුලක් බිමට හලන් නැති එඩිතර කෙල්ලෙක් විදියට හදන්නයි මීරාට ඕන වුනේ, ඒ වගේම මීරගේ කැමැත්ත ඒ විදියට ම ඉෂ්ඨ වුනා, පුංචි මීරා හිත හයිය එඩිතර කෙල්ලෙක් වුනා, ඒත් හැමදාම මීරාගේ ලියුම කියවද්දි පුංචි කෙල්ලගේ ඇස් වලින් ගලන කදුලු නවත්තන්න ජන්කුක් ට බැරි උනා.

පුරුදු විදිහටම සුදු රෝස මල් පොකුරක් අරගෙන ජන්කුක් පුංචි මීරා එක්ක මීරාගේ සොහොන ලගට ආවා, හැමදාම වගේ මීරා එක්ක කථා කර කර පුංචි කෙල්ල ලියුම කියවන හැටි ජන්කුක් පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා,,,

ආදරනීය ආමන්ත්‍රණයකින් පටන් ගත්ත මීරගේ ලියුම පුරාම තිබුනේ පුංචි කෙල්ලට ඔම්මගෙන් සොදුරු අවවාද, ජීවිතේ ගැන ආදරේ ගැන මිනිස්සු අදුරගන්න විදිය ගැන විවාහය ගැන, ආදරනීය බිරිදක් වෙන හැටි මේ හැමදේම ගැන මීරා පුංචි කෙල්ලට ලියලා තිබුනා, විටක හිනාවෙන් විටක කඳුලින් පුංචි කෙල්ල ලියුම කියෙවුවා, ඒ වගේම මේ ඔම්මා ගෙන් ලැබෙන අන්තිම ලියුම වගේ ම අදින් පස්සෙ පුංචි කෙල්ල තමන් ගැන තනියම බලාගන්න ඕන වගේම, අප්පව ගොඩක් ආදරෙන් බලාගන්න කියලත් මීරා අන්තිමට පුංචි මීරාගෙන් ඉල්ලලා තිබුනා,,,,

ලියුම අවසානයේ තිබුන දෙකට තුනට නවපු පුංචි සටහන මීරා අකුරු කරලා තිබුනේ ජන්කුක් නමට,,,

අවුරුදු විසි පහක් පුරාවට පුංචි කෙල්ලව ඇස් දෙක වගේ පරිස්සම් කරාට ජන්කුක් ට ස්තුති කරලා තිබුන මීරා, අදින් ජන්කුක් ගේ දඩුවම අවසාන වෙනවා වගේම, වෙච්ච හැමදේකටම ජන්කුක් ට සමාව දෙනවා කියලාත් ලියලා තිබුනා, ඒ වගේම ටේයෝන් ජිමින් දෙන්නවත් මීරා ගොඩක් ආදරෙන් මතක් කරලා තිබුනා, අදින් පස්සේ ජන්කුක් ගේ ජීවිතේ ජන්කුක් කැමති විදියට ගෙවන්න කියලත් මීරා ජන්කුක් ට ලියලා තිබුනා,

අවුරුදු විසි පහක් පුරාවට හිතේ හිරකරගෙන හිටපු හැම දුකක් ම කදුලු වලට හැරිලා ජන්කුක් ගේ කම්මුල් තෙමාගෙන ගැලුවා, හැම රෑකම මීරා ලගට යන්න හිත ඉල්ලුවත් මීරාට උන පොරොන්දුව වගේම පුංචි කෙල්ලගේ වගකීම ජන්කුක් ව නැවැත්තුවා, ඒත් තවදුරටත් තමන්ව නවත්තගන්න ජන්කුක් ට ඕන වුනේ නෑ,,,

කදුළු බොද වුන ඇස් වලින් සොහොන් කොතේ තියන මීරගේ රූපේ දිහා බලපු ජන්කුක් දැක්කේ සුදෝ සුදු ගවුමකින් සැරසුණු මීරා ලස්සන හිනාවකින් ඈත ඉදන් එයා දිහා බලාගෙන ඉන්නවා.

ඉතින් මීරා අවසන් නින්ද නිදන තැනම මීරා ගිහින් අවුරුදු විසි පහකට පස්සේ හදිසි හෘදයාබාධයකින් ජන්කුක් සදහටම ඇස් පියා ගත්තා,,

❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣

අදට ජන්කුක් මීරා ලගට ගිහින් අවුරුද්දක්, පුංචි මීරාට අවුරුදු විසි හයක්, අද තමා පුංචි කෙල්ලගේ ජීවිතේ ලස්සනම දවස, ඇමරිකානු ජාතික කඩවසම් සැමියාගේ අතේ එල්ලිලා මංගල ඇදුමින් සුදු රෝස මල් පොකුරු දෙකක් අත්දෙකෙන් අරන් අන්තිම වතාවට ඔම්මයි අප්පයි බලලා යන්න පුංචි කෙල්ල එන දිහා ඈත ලෝකෙක ඉදන් මීරාකුක් දෙන්න බලාගෙන හිටියා,,,,

අවසාන වතාවට ඔම්මයි අප්පයි ලග දන නවපු පුංචි කෙල්ල හන්ගුක් වලට සදහටම සමු දීලා පිටවෙලා යන හැටි ජන්කුක් මීරා දෙන්නා ඈත ඉදන් සතුටින් බලා ගෙන හිටියා,.

(Fanfiction only)

(Plot Credit:-deshu93

දුල් 🍂🍂

මෙච්චර දවස් කතාවත් එක්ක හිටපු ඔයාලට ගොඩක් ස්තුතියි 🙏ආදරෙයි ගොඩක් 💜🌹

🥀My Destiny 🥀  Completed.Where stories live. Discover now