My destiny 🥀 part 07

3.6K 558 51
                                    

My destiny 🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀
Part 07...... .....

ඒත් එක්කම මට ඇහුනේ රෝස් ගේ සතුට උතුරන කට හඩ, කියන දේ පැහැදිලි නොවුනත් රෝස් ඉන්නේ ගොඩක් සතුටින් කියලා මට තේරුනා, ඒ අතරම ජන්කුක් ගේ සිනාවත් ඇහුනා, ඒත් එක්කමයි රෝස් මටත් කථා කරනවා ඇහුනේ,,,

"මීරා එන්නකෝ අපි කේක් එක කපනවා ඔයත් එන්නකෝ "

ඇත්තටම රෝස් ගොඩක් හොද කෙනෙක් වගේම ගොඩක් හොද යාලුවෙක් ඉතින් රෝස් ගේ හිත රිදවන්න ඕන කමක් මට තිබුනේ නෑ, ඒ වගේම තවත් මේ ගෙදර ඉන්න ඕනකමක් මට තිබුනේත් නෑ,,,

යන තැනක් හිතා ගන්න බැරි උනත්, තවදුරටත් මහේ ඉන්න මට බෑ කියලා මට තේරුනා, මගේ හිත මට අවනත නෑ කියලා මේ ගෙවුන විනාඩි කීපයේ මට තේරුනා, මාත් නොදැනම මං ජන්කුක් ට ආදරේ කරන්න පටන් අරන්, මට මාත් එක්කම දැනුනේ තරහක්,

මං ලෑස්ති කර ගත්ත බෑග් එකත් අරගෙනම පහලට ආවේ රෝස්ටයි ජන්කුක් ටයි විශ් කරලා මෙහෙන් යන්න හිතාගෙන,,

බිම බලාගෙනම පඩි පෙළ බැහැගෙන ආපු මං ඔ ඔලුව ඉස්සුවේ රෝස් ගේ කටහඩට,,,

"මීරා බෑග් එකකුත් අරගෙන කොහේද යන්නේ:"

එතන රෝස් ජන්කුක් ඇරෙන්න තවත් මං අදුරන් නැති පිරිමි ලමයෙක් වාඩිවෙලා හිටියා,,,

"ආහ් රෝස් මං මෙහෙන් යන්න හිතුවා "

"ඒත් ඇයි මීරා "

"ආහ් මං මෙහේ තවත් ඉන්න එක ඔයාලට කරදරයක් අනික ඔයායි ජන්කුකුයි මැරි කරාම මං මෙහේ ඉන්න එක කෝමත් හරි නෑනේ ඒක නිසා මං මං "
අන්තිම ටික කියද්දී මගේ වචන පැටලුනා මං එහෙමම බිම බලාගත්තේ කදුලු හංගන්න ඕන නිසා,,, එක විනාඩියකට හැමෝගෙම සද්දයක් නැතුව ගියා, ඒත් ඊලගට මං ඔලුව ඉස්සුවේ රෝස් මහ හයියෙන් හිනා වෙන්න පටන් ගත්ත නිසා,,,

ජන්කුක් වගේම අර පිරිමි ලමයත් ඇස් ලොකු කරගෙන බලන් ඉන්නවා මගේ ඇස් වලින් කදුළු වැටෙනවා, රෝස් දෙකට නැමිලා පිස්සුවෙන් වගේ හිනා වෙනවා,,,,,එක පාරටම හිනාව නවත්තපු රෝස්,,,

"යාහ් මෝඩ මීරා, මොනාද කියන්නේ මං මොකටද ජන්කුක් ඔප්පා ව මැරි කරන්නේ "

🥀My Destiny 🥀  Completed.Where stories live. Discover now