Chapter 01

1.5K 129 6
                                    


"රොමීනා,
අද හවස හයට කැෆේ එකේදී මාව හම්බවෙන්න. අනිවාර්‍යෙන් එන්න. ගොඩක් වැදගත් දෙයක් කතා කරන්න තියෙනවා.
මීට කුකී"

ඒ දකුණු කොරියාවෙ සියොල් වලට අධික හිම පතනය තිබුණ දෙසැම්බර් මාසෙ ඉරිදා දවසක්. මම ටිකකට ටවුන් එකට ගිහින් එනකොට ගෙදර දොරේ අලවලා තිබුණ පොඩි කොල කෑල්ලක පණිවිඩයක් තියලා ගිහින්...ඒක දැකලා පුදුම වුණ මම ගේ ඇතුළට යන්නෙත් නැතුව දොර ලගම ටික වෙලාවක් ගල් ගැහිලා වගේ බලන් හිටියා.

"මොකද මිස් මේ මෙච්චර හිම වැටෙද්දි එළියෙ ඉදන් කරන්නෙ?"

මම පියවි සිහියට ආවෙ ගෙදර වැඩකරන මාරි මාව දැකලා දොර ඇරියට පස්සෙ.

"මාරි, අද කවුද ගෙදරට ආවෙ?"

"කවුරුත් ආවෙ නෑ මිස්. මිස් උදේ වැඩට ගියාට ප්ස්සෙ දොර වැහුවම ආය දැන් තමා මේ ඇරියෙ"

"හ්ම්...එතකොට මේ පණිවිඩේ කොහොමද මෙතනට ආවෙ?"

"අනේ මම නම් දන්නෙ නෑ මිස්. මට කවුරුත් එනවා ඇහුණෙ වත් නෑ"

"හ්ම්... හරි මාරි. මට ටී එකක් දාන්නකො. ටික්කින් මම එළියට යනවා..."

මං ජීවත් වුණේ සියොල් වල තනියම. තනියම කියන්නෙ, මාරි විතරයි මං එක්ක ඉන්නෙ. එයා මගෙ වැඩ සේරම කරලා දෙනවා.ඒකට එයාට මම මාසෙට පඩියක් ගෙවනවා. මගෙ අම්මා දැනට ඉන්නෙ මම ඉපදුණ ගම් පළාතෙ. ගොඩක් දුරයි එහෙට සියොල් වල ඉදලා. මගෙ තාත්තා නම් කවදාවත් මම දැකලා නෑ. එයාගෙ පින්තූරයක් වත් මට අම්මා පෙන්නලා නෑ. අනික තාත්තගෙ නමක් ගමක් ගැනවත් කවදාවත් අම්මා මට කියලා නෑ මම කරදර කර කර ඇහුවත්...ඉස්කෝලෙන් අධ්‍යාපනේ හදාරලා මම වැඩිදුර ඉගෙන ගත්තෙ න්‍යෂ්ටික විද්‍යාව ගැන. ඉතිං... දැනට මම රස්සාව කරන්නෙ සියොල් වල මම ඉගෙන ගත්ත කැම්පස් එකේම න්‍යෂ්ටික විද්‍යාව ගැන ලෙක්චරර් කෙනෙක් විදියට... මම ඉක්මණට ගේ ඇතුළට ඇවිත් වොෂ් එකක් දාලා වෙන ඇදුමක් ඇදගෙන කුකී එන්න කියලා තිබුණ තැනට යන්න පිටත් වුණා...

කුකී... කුකී ගැන නම් පේළි දෙක තුනකින් කියලා ඉවර කරන්න බැරි වෙයි. කුකීයි මමයි දෙන්නම ඉස්සර වැඩ කලේ කොරියානු රහස් ගුවන් හමුදා කදවුරක. ඒක තිබුණෙ සියොල් වලින් ගොඩාක් ඈත වනාන්තරයක් මැද. ඒ කදවුර යුද්ධ කරන්න හදපු එකක් නම් නෙවෙයි. එතන කලේ මිනිස්සුන්ට හොරෙන්, දකුණු කොරියානු රජයේ අනුදැනුම මත න්‍යෂ්ටික ආයුධ හදපු එක. රටේ දේශපාලකයො හැර අනික් සාමාන්‍ය මිනිස්සු කවුරුත් මේ කදවුර ගැන දැනගෙන හිටියෙ නෑ. ඉතිං...කුකී තමයි කදවුර භාර කැප්ටන්. එයාගෙ ඇත්ත නම ජන්ග්කුක් වුණාට දන්නෙ කාලෙ ඉදන්ම හැමෝම කතා කලේ කැප්ටන් කුකී කියලා. මම එතන රස්සාවට ගියේ සයන්ටිස්ට් කෙනෙක් හැටියට. මාත් එක්ක තව සයන්ටිස්ට්ලා තුන්දෙනෙක් එතන හිටියා. හැබැයි කදවුරටම හිටියෙ ගෑණු ළමයි දෙන්නයි. එක්කෙනෙක් මම. අනික් කෙනා ලියෝන් කියලා ගුවන් හමුදාවෙම කැප්ටන් කෙනෙක්. කුකීගෙ දෙවෙනියා විදියට හිටියෙ එයා. කෙල්ලෙක්ට වඩා ලියෝන් කොල්ලෙක් වගේ...

Element X - Season 01Where stories live. Discover now