"මාව අතාරිනවා! මට ටිකක් කතා කරන්න ඕන සුගාට! එක පාරක් කතා කරන්න දෙනවා කරුණාකරලා... මට අනතුරු ඇගවීමක් කරන්න තියෙනවා!"
"තමුන් දැන්වත් කට වහගත්තොත් හොදයි!"
මාව වැරෙන් අල්ලන් ගියපු සෙබලියන් දෙදෙනගෙන් එක්කෙනෙක් කෑගැහුවා...එයාලගෙ ග්‍රහණයෙන් මිදිලා සුගාට කතා කරන්න මට ඕන වුණත්, යානය කඩාවැටෙද්දි ඇති වුණ කම්පණයෙන් මගෙ ඇගට පණක් නැතුවයි තිබුණෙ... අත් වලටත් මාංචු දාලා... හරියට ඇවිදගන්න වත් බැරුව වැනි වැනී වගේ ගියපු මම, සිහි නැතිවෙලා වැටෙනවා දැනුනෙ හීනෙන් වගේ...
සිහිය එද්දි මම හිටියෙ ශල්‍යාගාරයක් වගේ තැනක...ඒත් අමාරුවෙන් යන්තම් නැගිටලා බලද්දියි මට තේරුණේ ඒ බේස් සිග්මා වල තියෙන කුඩා රෝහල කියලා... හ්ම්... මගෙ ඇදුම් මාරු කරලා... අතට සේලයින් එක්කුත් දීලා...මම නැගිටලා ගිහින් සුගාව හොයන්න හැදුවත් එහෙම කරන්න බැරි වුණේ අනික් අතයි, ඇදයි එකට සම්බන්ධවෙන විදියට මාංචුවක් දාලා හිර කරලා තිබුණ නිසා...
"ඔයාට දැන් කොහොමද?"
වෙද නලාවක් එක්ක සුදු පාට දිග ලෝගුවක් ඇදගත්ත තරුණ ඩොක්ටර්නෙක් මගෙ ලගට ඇවිත් කතා කලා...
"ඩොක්ටර් මට සුගාට කතා කරන්න යන්න දෙන්න... ප්ලීස්...."
"හරි හරි... ඔයාට එයාට කතා කරන්න යන්න දෙන්නම්. ඒත් ඊට කලින් හොද වෙලා ඉන්න ඕනනේ..."
"හ්ම්..."
"දැන් ඔයාට කොහොමද?"
"කලන්තෙ ගතිය නම් නෑ. ඒත් ඇග රිදෙනවා"
"හ්ම්... ඒක හරියයි... ඔයා ටිකක් රෙස්ට් කරන්නකො"
"ඩොක්ටර් මම එන්නද?"
"ඔහ් කැප්ටන් ජන්ග්කුක්! එන්න එන්න!"
අපෙ කතාවට මැදින් ඇවිත් සම්බන්ධ වුණේ කැප්ටන් කුකී....
"දැන් මොකද ඩොක්ටර් ලෙඩාට?"
"එයාට රෙස්ට් කරන්න වෙනවා කැප්ටන්...යද්දි ඇවිත් මාව හම්බවෙන්නකො මම විස්තර කියන්නම්."
"මට ටිකක් මෙයා එක්ක තනියම කතා කරන්න පුලුවන්ද ඩොක්ටර්?"
"පුලුවන් කැප්ටන්... මම යන්නම් එහෙනම්..."