Chapter 08

551 114 31
                                    

"මාරි!!! මාරි!!! මේ දොර අරින්න !"

"මාරි කියන්නෙ වැඩ කරන කෙනාද?"

"ඔව් සුදූ.... එයා තාම නෑනේ බලන්නකො...."

අපි දෙන්නා විණාඩි තිහක විතර පොඩි ගමනකට පස්සෙ මගෙ ගෙදරට ආවා... ඇත්තටම මගෙ ඇගට, හිතට, ගොඩක් ලොකු සහනයක්, ඒ වගේම සනීපයක් දැනුනෙ ආපහු ගෙදර ආපු නිසා... ඊටත් වඩා මගෙ සුගා ලගින් ඉද්දි තියෙන සතුට කියලා නිම කරන්න බෑ!

"අනේ මිස්!! ඔයා ආවද!!! මම හොදටම බය වෙලා හිටියේ! මිස් කෝල් කලාට මොකද මම හැමවෙලේම හිටියෙ දුකෙන්...."

"හරි මාරි මම දැන් ආවනේ... මේ ඉන්නෙ සුගා සර්. එයත් මං එක්ක මෙහෙ නවතිනවා අද හරිද...සර්ට ඕන දේවල් හොයලා බලලා දෙන්න ඕන මට වගේම...."

"අනේ.... හරි මිස්.... මම සර්ට කාමරයක් ලෑස්ති කරන්නම්. තව මිස් එහෙම වොශ් එකක් දාගන්නකන් මම රෑට කන්න මොනා හරි හදන්නම්ེ....."

"මාරි, සර් කැමති ඕනම දෙයක් අහලා හදලා දෙන්න............සුගා... එන්න වාඩිවෙන්න... මේ ඔයාගෙම ගෙදර කියලා හිතාගන්න හරිද... කෝ දෙන්න ඔයාගෙ බෑග්ස් අරන් යං අපි කාමරේට.... එන්න...............මාරි අනේ අපිට හොට් ටී දෙකක් දාන්න...."

සුගාගෙ ට්‍රැවලින් බෑග් එකක් මම ඇදන් යන්න හදද්දි එයා ඒක වළක්වලා මගෙ බෑග් එකත් එක්කම ඇදගෙන එයාට වෙන් කරපු කාමරේට ආවා....

"ශා... මෙතන වීව් එක හරිම ලස්සනයි මැණික...."

කාමරේ සදලුතලයට ගියපු සුගා කීවේ ඈත පෙනෙන සෝල් නගරය දිහා බලාගෙන... මගෙ ගෙදර තියෙන්නෙ ටිකක් කන්දක් උඩට වෙන්න... ටවුන් එකේ ඉදලත් ටිකක් දුරක් එන්න ඕන... කලබලකාරී පරිසරෙන් මිදිලා නිදහසේ ඉන්න ඕන හින්දමයි මම මේ වගේ තැනකින් ගෙයක් ගත්තෙ...

"ලස්සනයිද.... අර සෝල් වල ලයිට්ස් පේනවා නේද..."

සදලුතලයෙ ආරක්ෂාවට දාලා තිබුණ වැටට බරවෙලා හිටපු සුගාව පිටිපස්සෙන් ගිහින් වැළදගන්න ගමනුයි මම එහෙම කීවෙ...

"ඔව් නේද... මීට වැඩිය නිදහසක් හිතට තියෙනවද මැණික?"

"නෑ නේද... ඔයා ලග ඉන්නවා කියන්නෙ ඒක තමා ලොකුම සහනය..."

Element X - Season 01Where stories live. Discover now