Chapter 06

414 99 10
                                    

-----------බ්ලැක් මම්බා මූලස්ථානයේදී---------

"නම්ජූන්. මට කතා කලාද එන්න කියලා?"

"ඔව් ඩොක්ටර් රිචඩ්. පොඩ්ඩක් වාඩි වෙන්නකො"

"හ්ම්... මොකද්ද ප්‍රශ්නෙ?"

"මම හිතපු දේ හරියටම හරි"

"ම්ම්ම්ම් මොකද්ද ඔයා හිතපු දේ?"

"ලියෝන් ගියේ බේස් සිග්මා වලට...සුගාව හම්බවෙලා අපි න්‍යෂ්ටික ප්‍රහාරයකට සූදානම් වෙනවා කියලා අනතුරු අගවන්න තමයි"

"මොනවා! මම හිතුවෙ ගෙදර අය බලලා එන්න කියලා"

"ඔව්. ඒක එයාගෙ අයිතියක් න්‍යෂ්ටික ප්‍රහාරයක් දියත් කරන පයිලට් කෙනෙක් හැටියට. අපෙ නීතියට අනුව ප්‍රහාරයට කලින් එයාගෙ පවුලෙ අයව මුණ ගැහෙන්න අවස්ථාවක් දෙන්න ඕන. මොකද ප්‍රහාරය වෙලාවෙදි අත්වැරදීමකින් හරි නියමුවගෙ ජීවිතෙ නැති වෙන්න පුලුවන් හින්දා!"

"හ්ම්. ඔයා කොහොමද එයා බේස් සිග්මා වලට ගියාමයි කියලා දන්නෙ?"

"ඩොක්ටර් හිතුවද මම මෝඩ වෙයි කියලා එයාව තනියම යවන්න? මම එයාව යැව්වෙ එයාගෙ යානයට සවි කරපු ස්වයං විනාශන පද්ධතියක් එක්ක...."

"මොනවා!!!!"

"ඔව්.... මම එයා ගියපු යානයේ ලොකේෂන් ට්‍රැක් කලා"

"එතකොට එයා ගියේ බොසියෝන් වනාන්තරේට??? තමුසෙ නම් පිස්සෙක් නම්ජූන්! පුදුම කපටි මොළයක් නෙ තියෙන්නෙ!"

"හහා! ස්තුතියි ඩොක්ටර්... කතාවෙ හොදම කෑල්ල ඒක නෙවෙයි."

"එහෙනම්?"

"මම එයාගෙ යානය පුපුවලා හැරියා ස්වයංක්‍රීය විනාශන පද්ධතියෙන්, මෙහෙ ඉදලා."

"මොනවා!!!!! දැන් එයාට මොකද වෙලා තියෙන්නෙ?????

"එයාට අවුලක් නැහැ. ඒත් අවුලක් වෙන විදියට ඇත්තටම යානය පිපුරුණේ නැහැ හිම කුණාටුව හින්දා. ගිණි අරන් කඩා වැටුණා විතරයි. එයා පනින්න ඇති යානයෙන්. ලියෝන් කියන්නෙ ඇත්තටම බුලට් එකක් යුධ යානා පැදවීම සම්බන්ධව. මට යානය විනාශ කරලා පැය කීපයකට පස්සෙ එයාගෙ අතේ බදින ස්මාර්ට් වොච් එකෙන් සිග්නල් එන්න පටන් ගත්තා...."

Element X - Season 01Where stories live. Discover now