ඒ අහපු දේට එකවරම උත්තරයක් දෙන්න සුගා ටිකක් මැලි වුණා වගේ මට දැනුනා... මොකුත්ම නොකිය බිම බලාගෙන ගැඹුරු හුස්මක් අරන් මගෙ දිහා බලපු සුගාගෙ ඇස්වල තිබුණෙ හරිම කලකිරුණු ගතියක්...
මගෙ හිතට වෙන කිසිම දවසක නොදැනුනු වේදනාවක් එකවරම දැනෙන්න ගත්තා... හරියටම තියුණු ආයුධයකින් පපුව පසාරු කරනවා වගේ හැගීමක්...
වෙනත් විදියකට කියනව නම් දුකක් එක්ක මිශ්‍ර වුණ බලාපොරොත්තු කඩවීමක් වගේ සිතුවිල්ලක්... සුගාගෙ හිතේ කලින් පෙම්වතිය තවම ඉන්නවා...එයා අතින් සිදුවුණ වැරැද්ද මොකක් වුණත්, ඒ දේට සමාව ගන්න ආපහු සුගාව හොයාගෙන ආවොත්???
සුගාගෙ හිත අනිවාර්‍යෙන් වෙනස් වේවි... තමන් කාලයක් ආදරය කරපු කෙනා මේ වගේ ලස්සන මොහොතකත් මතක් වෙනවා කියන්නෙ???? එයාගෙ හිත ඇතුළෙ මට පුංචි හරි ඉඩක් නැහැයි කියන එක නෙවෙයිද?.... සමහරවිට එයාගෙ මුලු හිත පුරාම ඇත්තෙ කලින් කෙනා වෙන්න ඇති... අනේ දෙවියනේ! මට මේ දැනෙන හැගීම කොහොමද ඉවසගන්නෙ????!!!
එක අතකින් මමයි වැරදි... එක පාරක් මාව හිමෙන් ආරක්ෂා කරගෙන, තුරුලෙ හංගගෙන රැකගත්ත මනුස්සයෙක්ට ආදරේ කරන්න තරම් මම කොච්චර මෝඩයිද!!!! මගෙ හිත එයාගෙන් පිරිලා ඉතිරිලා ගිහින් තිබුණට එයාගෙ ලෝකෙම වෙන කෙනෙක්!!! ඇයි මට මේ දේවල් කලින් තේරුම් ගියේ නැත්තේ!!! ඇයි!!!!!
ඇස් වලට කදුලු උනන එක නවත්තගන්න මම උත්සහ කලත්, ඒක අමාරුයි වගේ දැනුනා... වටපිටාවෙ ලස්සනට පෙනුන කදු පංති ටිකත් මං දිහා දුකෙන් බලාගෙන ඉන්නවා වගේ. මුලු පරිසරයම එක පාරට අදුරු වෙලා ගියා කියලා මට දැනුනෙ...ඒත් එක්කම වේගයෙන් හමාගෙන ගියපු හුලගට මගෙ ඇගම වෙව්ලලා යද්දි මම අත් දෙකෙන් උරස් අල්ලගෙන ගුලි වුණා...
"රොමී?"
"ඕ..."
"සීතලයිද?"
"හ්ම්..."
"අපි යමුද හෙලිකොප්ටර් එක ඇතුළට?"
"ඕන නෑ.."
"හ්ම්"
.......
"ඇයි ඔයා එක පාරට නිශ්ශබ්ද වුණේ?"
"නිකං"
"එහෙමද...."
"හ්ම්"