O1 ❥︎ 𝑵𝒆𝒘 𝒄𝒂𝒍𝒔𝒔𝒎𝒂𝒕𝒆

381 70 30
                                    

Devil

Episode 01

'🥀🍂You're not a DEVIL,
You're my ANGEL...!🥀🍃'

අපි දැනටමත් දන්න y/nට classmatesල නම දාල තිබ්බෙ Devil කියල. ඇත්තටම එයාට හිටියේ එක යාළුවයි. ඒ යාළුව නැත්නම් එයාට ඒ තරම් දුරක් එන්න හයියකුත් නෑ.

එයාගෙ යාළුව තමා Jimin. එයා අපේ Devilට කතා කලෙත් අනිත් අය වගේමයි එත් ජිමින් එහෙම කිව්වෙ y/nව අවුස්සගන්න ඕන නිසා නෙවේ පුරුද්දට වගේ. ඒම කියද්දි y/nට කේන්ති ගියත් එයා ඉවසන්නෙ යාළුව නිසා.

"කවුද මේ සොංසෙංනිම් එක්ක එන කෙනා එයාව දැකල පුරුදුයි වගේ."
Jimin කිව්වෙ y/nට වැලමිටෙන් අනින ගමන්.

"කවුරු වුනත් අපිට මොකද?"

"ඉතිං අපේ පංතියටනෙ එන්නෙ?"

"ඉතිං??"
Jiminට කට උත්තර නෑ.

"මෙයා එක්ක කතා කරනවට වඩා හොඳයි කට බිම උලාගන්නව"
Jimin මිමිනුවත් y/nට ඒක ඇහුනා.

"එහෙනම් උලාගන්නවකො කවුද අල්ලගත්තෙ?"

"කියනකම් හිටියෙ...."
ජිමිනුත් අතාරින්නෑ ලේසියෙන්.

"Attention please...."
සොංසෙන්නිම් ඒම කිව්වෙ නැත්නම් මෙතන මේ දෙන්න මරා ගනී.

"ළමයි මෙන්න ඔයාලට අළුත් යාළුවෙක් ඉන්නවා අදුරගන්නකෝ"

"ආන්නොංහාසේයෝ...! ජොනන් Min Yoon Gi ඉම්නීදා.... Nice to meet you guys. I would like to be your friend from today. Thank you!"

"Min Yoon Gi පංතියෙ ඉඩ තියෙන කැමති තැනකින් වාඩි වෙන්න."

සොංසෙන්නිම් ඒම කිව්වම Yoongi පංතිය වටේටම ඇහැ යැව්වා. කොහෙද ඉතිං කෙල්ලො ඉන්න තැන් වලමනෙ වැඩිපුර ඩෙස් තියෙන්නෙ?අනික කෙල්ලො මෙයාට වශී වෙලා වගේ බලා ඉන්නෙ මෙයාව කන්න වගේ ඒත් y/n හැර. ඒ නිසා එයා y/nට එහා පැත්තේ ඩෙස් එක ලඟට ගියා.

"Excuse me... Can I sit here?"

Yoongi එහෙම ඇහුවම y/n එයා දිහා බලාගෙන හිටිය මිසක් මුකුත් කිව්වෙ නෑ. ඒ වෙලේ තමා Yoongi, y/nව හරියටම දැක්කෙ. එතකොටම Yoongiගෙ මූණ අමුතු වුණා ඒ වෙනස y/nට තේරුනත් එයා ඒක ගනන් ගත්තෙ නැහැ.

"Yeah Yeah of course"
Jimin මැද්දෙන් පැනල උත්තර දුන්නෙ y/n මුකුත් නොකියපු නිසා වගේම පංතියෙ අනිත් ළමයිත් බලන් ඉන්න නිසයි.

𝗗𝗲𝘃𝗶𝗹 ❥︎ 𝖬.𝖸𝗈𝗈𝗇𝗀𝗂 ˢⁱⁿʰᵃˡᵃحيث تعيش القصص. اكتشف الآن