O3 ❥︎ 𝑺𝒂𝒚 𝒊𝒕

189 55 21
                                    

Devil

Episode 03

'🥀🍂You're not a DEVIL,
You're my ANGEL...!🥀🍃'

"මියානේ Y/n-ah.."

ගහක් ලඟ මූණත් බෙරි කරගෙන Bench එකක ඉඳගෙන හිටපු Y/nගෙ එහා පැත්තෙන් හිටගෙන Yoongi කිව්වෙ ටිකක් දුකින්.

"ඇයි ඔයා සමාව ඉල්ලන්නෙ දැන්?"

"අහ්..මං කිව්වෙ ඔයාල රණ්ඩු වුණේ මන් නිසානෙ ම්ම්ම් එක ගැන. එයා හුඟක් හයියෙන් ගැහුවද"
කියපු Yoongi, Y/nගෙ ඔළුවෙන් අත තිබ්බෙ එයා හොඳින්ද බලන්න.

"ආහ්... "

කියපු Y/n ඉක්මනට ඔළුව අල්ලගත්තා.එතකොටයි Yoongi දැක්කෙ තුවාල වෙලා කියල.

"මෙහෙ එන්න ඕකට බෙහෙත් දාගමු."

Yoongiගෙ කීමට Y/n ඉක්මනට අවනත වුණා. Yoongi එයාගෙ අතින් අල්ලගෙන ගිය නිසා එයා මුකුත් නොකියම Yoongiගෙ පස්සෙන් ඇඳිල ගියා.

Medical room එකෙත් කවුරුත් හිටියෙ නෑ. කෑමට ගිහින් ඇති කියල හිතපු Yoongi ඉක්මනටම, ඒත් ගොඩක් පරිස්සමින් Y/nට බෙහෙත් කරන්න පටන් ගත්තා. Y/nට හිතා හිතාගන්න බැහැ එයා කොහොමද එයාගෙ බෙස්ටිටත් වඩා අළුතෙන් ආපු කෙනෙක්ට ලං වුණේ කියල.

"ම්... දැං හරි... බෙහෙත් දානකොට රිදුනෙ නෑ නේද?"

Yoongi ඇහුවෙ ඉඳගෙන හිටපු Y/nගෙ මූණට ගොඩක් ලං වෙලා. Y/nට ඒ වෙලාවෙ හුස්ම ගන්න එකත් අමතක වුණා. ඒ නිසා එයා කළේ ඔළුව දෙපැත්තට වනල නෑ කියල ඉඟි කරපු එක විතරයි.

"හ්ම්... ආයෙ වලි දාගන්න බෑ ඔන්න... හරිනෙ?"

ආයෙත් Y/n කළේ ඒක පිළිගත්තා කියන්න ඔළුව හොලවපු එක.

"Cute..."

Yoongi කියපු එකට Y/nගෙ ඇස් දෙක එන්න එන්නම එලියට පයින සයිස් වුණා.

"මොකද?"

"චුට්ටක් ඈතට වෙනවද?"

ඒ වෙලාවෙ තමයි Yoongiට තරු පෙනුනෙ. ඇයි දෙයියනේ මෙච්චර වෙලා මේම ඉඳල කියල මතක් වෙලා තියෙන්නේ දැනුයි මේ කොල්ලට. Yoongiගෙ මූණත් එක්කම රතු වුණා Y/n කියපු දේට. ඒත් එයා ඉක්මනට ඈත් වුණා.

"මොකක්ද ඔයාට අර අහන්න තියෙනවා කිව්වෙ Yoongi?"

Medical room එකෙන් එලියට යන ගමන් y/n ඇහුවා.

𝗗𝗲𝘃𝗶𝗹 ❥︎ 𝖬.𝖸𝗈𝗈𝗇𝗀𝗂 ˢⁱⁿʰᵃˡᵃDonde viven las historias. Descúbrelo ahora