ᏟᎻᎪᏢͲᎬᎡ 03

2K 411 69
                                    


නොහිතපු විදිහට කම්මුලට එල්ල වුනු පහර නිසා jungkook ගොඩක් shock වුනා. Jungkook එයාගේ දකුණු අත උස්සලා කම්මුල අතගාන්න ගත්තේ ඒක දැවෙන්න ගත්ත නිසා. මේ වෙද්දී Jungkookගේ ඇස් යොමු වෙලා තිබුනේ එයාගේ ඉස්සරහ හිටගෙන ඉන්න taehyung දිහාවට.

Jungkookගේ ඇස් දෙක සාමාන්‍ය තත්වයේ ඉදලා ලේ පාට වෙන්න ගියේ තප්පර කිහිපයයි.ඒත් එක්කම එයා තරහෙන් වෙව්ලන ගමන් දත් මිටි කන්න ගත්තේ ජීවිත කාලෙම එයාට වුනු ලොකුම ලැජ්ජාව මේක නිසා. School එකේ හැමෝම ඉස්සරහ taehyung වගේ nerd කෙනෙක් ගෙන් ගුටි කන එක jungkook කවදාවත් බලාපොරොත්තු වුනු දෙයක් නෙවෙයි.

ඒ වෙලාවේ jungkook දකින ඕනම කෙනෙක් එතනම බිමට ඇදගෙන වැටෙනවා දෙකක් නෑ. මොකද එයාගේ පෙනුම ඒ තරම්ම දරුණු වුනා. Taehyung ට එයා කරපු වැඩේ මොකක්ද කියලා තේරුනේ දැනුයි. Taehyung කොච්චර බය හිතුනද කියනවනම් එයා එහෙමම හිටගෙන කෙලගිල්ලේ එයාගේ කකුල් පණ නැති වේගෙන එද්දී..

" උඹට මම ?"

Jungkook දත් මිටි කාගෙන ඉස්සරහට පැන්නා..

Jungkook එයාගේ අත උස්සලා වේගයෙන් පහත් කලේ taehyungගේ කම්මුල ඉලක්ක කරන ගමන්. ඒත් සිද්ධ වුනේ නොහිතපු දෙයක් taehyungව එතනින් තල්ලු කරපු jin ඒක මැද්දට පැන්නා.

Jin තල්ලු කරපු පාර tae බිමට ඇදගෙන වැටෙද්දී jungkook ගහපු කනේ පාර වැදුනේ jinට.

Jin පාරේ සැර දරාගන්න බැරුව විසිවෙලා ගිහින් cafeteria එකේ පොලව උඩට ඇදගෙන වැටුනා.

" Jungkook !! ඕක නවත්තපන් "

Namjoon , yoongi , jimin තුන් දෙනා ඉදගෙන හිටිය තැනින් නැගිටලා දුවගෙන ආවේ එන පොට හරි නැති නිසා.

" hyeong !! "

Tae එයා වැටුනු තැනින් නැගිටලා jin ඉන්න තැනට දුවගෙන ගියේ ඇස් වලින් කදුලු ගලාගෙන යද්දී. මේ වෙන කොට hoseok ත් එතනට ඇවිල්ලයි හිටියේ..

" ඔයාගේ කටින් ලේ එනවා.."

Tae jinගේ කට අයිනෙන් මතුවෙලා තියෙන ලේ දැකලා ගොඩක් කලබල වෙලා කියවන්න ගත්තා. Jin එයාගේ අත උස්සලා එයාගේ කටින් එළියට එන ලේ අල්ලෙන් පිහදගන්නවත් එක්කම එයාගේ ඇස් යොමු වුනේ jungkook දිහාවට.

" jungkook !! "

Jinගේ කටහඩේ තිබුනේ ඉතාමත් සන්සුන් ස්වභාවයක්.

ӇƲƦƬ MЄ || ⓉⓀ ✔Where stories live. Discover now