ᏟᎻᎪᏢͲᎬᎡ 08

2K 385 42
                                    

Jungkook හදාගත්ත cereal එක පොඩි බෝල් එකකට දාගෙන ආවේ සාලෙ තියෙන සෝෆා එකට. එයා එකදිගට ඒකෙන් හැදි දෙක තුනක් කෑවේ තිබුනු බඩගින්න නිසා.

සෝෆා එකේ මෙහා කෙලවර වාඩිවෙලා පොතක් කියවන ගමන් හිටිය tae ඒ වැඩේ නවත්වලා jungkook දිහා බලාගෙන හිටියා..

"මොකද ඔයාටත් ඕනද? "

Jungkook බෝල් එක tae දිහාවට දික් කරේ එයා තමන් කන දිහා බලාගෙන හිටිය නිසා..

"සොරි හැබැයි මම මේකෙන් ඔයාට දෙන්නේ නෑ.."

Jungkook tae දිහා රවල බලල ආයෙත් කන්න පටන් ගත්තා..tae එයාගේ තොල කනපිට පෙරලගත්තේ එක තප්පරයකට හරි jungkook එයාට ටිකක් කන්න දෙයි කියලා හිතුනු නිසා.

"තමුන්ගේ ඔය මල ජරාව මට එපා.."

Tae කිව්වේ කටත් ඇදකරගෙන.

" මල ජරාව !! මේව කොච්චර පෝෂදායිද කියලා තමුන් දන්නේ නෑ. කොහෙද ඉතින් තමුන්ට මේ වගේ දෙයක් කන්න සල්ලි නෑනේ.."

Jungkook කිව්වේ tae ව රිද්දන්න. ඒක tae ට හුගක් රිද්දුවා නම් තමයි ඒත් එයාට jinගේ වචන මතක් වුනා..

එයාට බයයි කියලා පෙන්නන්න එපා.

"මේ අහනවා jungkook සල්ලි කියන්නෙ හැම දේම නෙවෙයි කියන එක තමුන් කවදහරි තේරුම් ගනී. හැබැයි එදාට හුගක් පරක්කු වැඩිවෙයි.."

Tae jungkook දිහා බැරෑරුම් බැල්මක් හෙලලා කිව්වේ කෝපය මිශ්‍ර හඩකින්.

"මොකද තමුන් දුප්පත් කියලා මතක් වුනාම කේන්ති ගියාද ආ.."

Jungkook හැන්ද කටේ අයිනක රදවගෙනම කට කොනකින් හිනාවුනේ tae ව අවුස්සන්න හිතාගෙන.

"ඕන දෙයක් හිතාගන්න මට ඔයත් එක්ක වාද කරන්න ඕනෙ නෑ."

Tae හයියෙන් හුස්මක් දාලා ආයෙත් එයාගේ අවධානය පොතට යොමු කලේ jungkookගේ උත්සාහය අසාර්ථක කරමින්. ඒත් එයාට මතක් වුනු දෙයක් නිසා tae ආයෙත් ඔලුව උස්සලා jungkook දිහා බැලුවා.

" Jungkook ..."

" හ්ම්...

" අපිට නීති ඕන..."

" නීති !! ඒ මොන එහෙකටද ? "

Jungkook cereal ටික ඔක්කොම ගිලදාලා හිස් වුනු බඳුන ස්ටූල් එක උඩින් තිව්වා. ඊට පස්සෙ එයා සෝෆා එකේ පිටිපස්සට හේත්තුවෙලා එයාගේ අත්දෙක දෙපැත්තට විහිදුවලා tae දිහා බැලුවා.

ӇƲƦƬ MЄ || ⓉⓀ ✔Wo Geschichten leben. Entdecke jetzt