ᏟᎻᎪᏢͲᎬᎡ 17

2.4K 423 148
                                    


Jungkook කොරිඩෝව දිගේ ඇවිදන් ගියේ ඉතා වේගයෙන්. එය ඇවිදීමකට වඩා දිවීමකට සමාන වුනා කිව්වොත් නිවැරදියි. කොරිඩෝව දෙපස සිටි කෙල්ලන් සිය ඕපදූපා මලු දිග හැරීම මදකට නවත්වා jungkook පියාඹගෙන යන දිහා බලාගෙන හිටියේ මේ මොකක්ද මේ වෙලා තියෙන්නේ වගේ බැල්මකින්.

කෙලින්ම ක්‍රීඩාගාරය වෙත ගමන් කලා ඔහුට මේ වන විටත් ඔවුන්ගේ එදින නියමිත තරගය සදහා සියලු කටයුතු සූදානම් කර ඇති බව දක්නට ලැබුනා..

තව මොහොතකින් Bandang highscool හි කණඩායමද මෙහි ළගා වනු ඇති. Jungkook ක්‍රීඩාගාරය සිසාරා නුරුස්සන සුලු බැල්මක් හෙලුවා සියලු දේ දැඩි අධීක්ෂණයකට ලක් කරන ගමන්. ඔහුගේ පැමිනීමත් සමග මේ වනවිටද අසුන් ගැනීම ආරම්භ කරමින් සිටි ප්‍රේක්ෂක පිරිසගේ මුවින් පිටවුනු " සූස් " නාදය ගැන තඹේකට ගනන් නොගත් jungkook වටපිට බැලුවේ ඔහු හෙව්ව පුදගලයා ඇස ගැටෙන තුරුයි.

Jimin !!

පිටිය තුලට වී kai හා පුහුනුවීම් කරමින් සිටි jimin දැක්ක jungkook ඔහු වෙත තම පාද ඉක්මන් කාලා..එහෙත් jungkook ඔහු වෙත ලගා වීමට පෙර jimin kai වෙත යමක් පවසා ඇතුලට ගමන් කරනවා ඔහුගේ ඇසට අසුවුනා.

" Jimin "

Jungkook ලොකර් room එකේ දොර ඇරගෙන ඇතුලට යනකොට jimin හිටියේ pain reliving spray එකක් බෑග් එකෙන් එළියට ගන්න ගමන්..
Jungkook කියන්න ආව දේ නවත්වලා ඒ දිහා ටික වෙලාවක් බලාගෙන හිටියා..

" මොකද වුනේ ? "

Jungkookගේ කටහඩින් ඔලුව උස්සලා බලපු jiminගේ මුවේ විශාල සිනාවක් ඇදුනා..

" jungkook ! ඔයාද ? "

Jimin එහෙමම බංකුවක් උඩ වාඩි වුනේ මිණික් කටුවට ටිකක් ඉහළ ප්‍රදේශයට pain relive එක spray කරන ගමන්....

" මට දෙන්න "
Jungkook බලෙන්ම jiminගේ අතින් ඒක අරගෙන එයා ළගින් ඉදගත්තා. තමන් දිහා බලන් ඉන්න jimin ගැන නොසලකා හැරිය jungkook එයාගේ අවධානය දුන්නේ jiminගේ අතට.

" අමාරුයිනම් සෙල්ලම් කරන්න ඕනෙ නෑ. මම වෙන setter කෙනෙක් ගන්නම්..."

Jungkook එහෙම කියනකොට jimin කලබලයෙන් එයාගේ අත ආපහු ඇදල ගත්තා.

" එහෙම ඕන වෙන්නේ නෑ jungkookie ,
මම හොදින්.."

ӇƲƦƬ MЄ || ⓉⓀ ✔Where stories live. Discover now