ᏟᎻᎪᏢͲᎬᎡ 07

2K 375 27
                                    


"ඒ කියන්නේ සරලවම කියනවනම් ඌ උඹේ පස්ස දැක්කා එහෙමද? "

Yoongi ඇහුවේ එයා ඉස්සරහ තියෙන ලී පෙට්ටිය උඩ වාඩි වෙලා ඉන්න jungkookගෙන්.

"මම කිව්වනෙ ඒක අත්වැරැද්දක්.."

Jungkook ගෙරෙව්වා..

"මොනා වුනත් බන් ඒක පට්ට සීන් එකනෙ. ඌට නූල් දාන්න වුනේ නැත්නම් තමයි පුදුමෙ. මොකෝ ඉතින් උඹට තියෙන්නේ එසේ මෙසේ පස්සක්‍ යැ..."

Yoongi හිනා වෙන්න ගත්තේ රතු වෙලා ඉන්න jungkookව විහිලුවට ගන්න ගමන්.

"Yoongi ah , stop it.."

ජොන්කුක් කෑ ගැහුවා..

"මොකද මේ ? "

Rooftop එකට එන පඩිපෙල නැගගෙන එන ගමන් හිටිය namjoon ඇහුවේ yoongiව මරන් කන්න වගේ බලන් ඉන්න jungkookව දැකලා. එයාගේ පිටිපස්සෙන් jiminත් ආවා.

" Namjoon, ඊයෙ මාර සිද්ධියනෙ වෙලා තියෙන්නේ.."

ඔන්න ඉතින් yoongi ලුණු ඇඹුල් ඇතුව සිද්ධ වුනු දේ අනෙක් දෙන්නට විස්තර කලා.

"ඇත්තමයි..ඒක නම් කියල වැඩක් නෑ.."

Namjoon ත් yoongiට එකතු වෙලා. දැන් දෙන්නත් එක්කම jungkookට හිනා වෙනවා.

"Hyung , ඔයත් මේ මෝඩයා කියන දේවල් අහනවනෙ. ඔයත් හරි නරකයි. ඔයා ගනන් ගන්න එපා ජොන්කුක්. ඔයාට ඔය කවුරු නැතත් මේ මම ඉන්නවා."

Jimin jungkookගේ කරවටේ අතක් දාගත්තේ එයාව සනසන්න හිතාගෙන..
Jungkookගේ මුවින් පිටවුනේ සිහින් සුසුමක්.

" Please jimin.."

Jungkook jiminගේ අත අයින් කරල ඉදගෙන හිටිය ලී පෙට්ටියෙන් නැගිට්ටා..එයාට jiminගේ මේ විශේෂ සැලකිල්ල ඇති වෙලයි තිබුනෙ. ඒකට හේතුව වුනෙත් තමන්ගේ වැරැද්ද බව jungkook මතක් කලේ දුකින්.

පසුගිය වසරේ එක් ගිම්හාන නිවාඩුවකදී ඔවුන් දෙදෙනා නිවාඩුව ගත කිරීමට ජේජු දූපතට ගියා. එහෙම යන්න හේතුව වුනෙත් jungkookගේ මානසට පොඩි නිදහසක් ලබා ගන්න ඕන වුනු නිසා. Jimin කියන්නේ jungkookගේ පොඩි කාලේ ඉදලම එයා ළඟින්ම හිටිය එයාගේ හොදම යාළුවා.
ඒත් එදා වුනු සිද්ධිය නිසා jungkookට එයාගේ හැම දේටම හිටිය best friend නැති වුනා. හැන්දෑවේ ගත්ත මත්පැන් වල සැර ඒ දෙන්නාගේ පාලනය තමන් අතට අරගෙනයි තිබුනෙ. ඉතින් jungkook ඒ වෙලාවේ හිටිය stress එකයි මත්ද්‍රව්‍යයි නිසා එයාට තමන් කරන දේ ගැන හරි හමන් සිහියක් තිබුනෙ නෑ. එයාට විතරක් නෙවෙයි ජිමින්ටත් එහෙමයි. උදේ නැගිටලා බලනකොට jungkook දැක්කේ තමන්ගේ වගේම jiminගේ ඇදුම් කාමරය පුරා විසිරිලා තියෙන විදිහයි.
එයා ගොඩක් කම්පනයට පත් වුනා ඒ සිද්ධ වුනු දේ නිසා. Jungkook එතනින් පැනලා ගියා. එයා කාටවත් කතා කලේ නෑ. එයා ගිය තැනක් කවුරුත් දැනගෙන හිටියෙත් නෑ. සති දෙකකට පස්සේ jungkook ආයෙත් මතු වුනා. එයාට ඕන වුනේ ආයෙත් ඉස්සර වගේ ඉන්න. ඒත් ඒක කරන්න බැරි වුනේ එදා සිද්ධිය නිසා jiminගේ හිතේ jungkook ගැන කැමැත්තක් ඇති වෙලා තිබුනු නිසයි.
Jungkook හයියෙන් හුස්මක් දැම්මා.

ӇƲƦƬ MЄ || ⓉⓀ ✔Where stories live. Discover now