Chapter 2

304 68 10
                                    

ටිකක් උදේ වෙනකම් නිදා ගත්ත ජිමින් ජියා නැගිටිද්දි නූනා පේන්න හිටියෙ නෑ..ඒ වෙදිදිත් රායා වැඩට ගිහින් තිබුණෙ ජිමිනුයි ජියයි ලගට ගිහින් ඔලුව අතගාලා හාදුත් තියලා..රායාට හිනා ගියේ ජියා ජිමින්ගේ ඇග උඩ නැඟලා කකුල් අතපය හොඳට දිගෑරලා නිදාගෙන ඉන්න විදිහ දැකලා...

අම්මෝ..ජී..තමුසෙට පුදුම දාංගලයක් නෙ තියෙන්නේ..මුලු ඇගම රිදෙනවා..

ඇගේ හිරි ඇර ඇර ජිමින් කිව්වේ තවමත් ඇදේ පෙරලි පෙරළි නිදාගෙන ඉන්න ජියා ට...

මැණික..කෝ නැගිටින්නකෝ..අද අපි ඇවිදින්න යනවා කිව්වා නේද..කෝ කෝ නැගිටින්නා..

අනේ ඔප්පාඅ..

වද දීලා දීලා අමාරුවෙන් ජියාවත් නැගිට්ටවලා වොශ් දාලා රායා හදලා තිබුන කෑමත් රත් කරල කාලා දෙන්නත් එක්කම කාර් එකේ නැඟලා පිටත් වුණෙ අද දවසම දෙන්නත් එක්ක සතුටින් ගත කරලා ආදරණීය මතකයන් දෙන්නගෙ ජීවිතේට එකතු කරගන්න...

දෙන්නම පුලුවන් තරම මුලු දවසෙම ඇවිද්දා..බීච් ,පාක්,රෙස්ටූරන්ට්,මියුසියම්,බෝට් රයිඩ් වගේ ගොඩාක් තැන්වල ජිමින් ජියා එක්ක ගියා..ඒ එක මොහොතකටවත් ජියාගෙ අතැඟිලි වල පැටලුනු ජිමින්ගේ ඇගිලි එක චුට්ටක්වත් ලිහිල් වුනේ නැත්තේ හරියට ජියා තමන්ව දාලා පැනලා යනවා වගේ..ඇවිදලා ඇවිදලා දෙන්නම ආවෙ ලස්සන වතුරමල් එක එක රටා වලට විහිදෙන පාලමක් උඩට..පුන්චියට මහන්සියක් දැනුනත් දෙන්නගෙන් කවුරුත් ඒ ගැන ඉගි නොකළේ මේ ගෙවෙන මොහොත එක තත්පරයකටවත් නාස්ති නොකරන්න වග බලාගන්න...

ජියාගෙ ඉන වටෙන් අත් දාලා පාලමේ වැටට බරදීලා ඉන්න ජියාගෙ කොන්ද තමන්ගේ පපුවට බර කරගෙන ජිමින් ගේ නිකට ජියාගෙ උරිස්සෙන් තියාගෙන ජියාව තවත් තමගේ පපුවට තුරුලු කරගත්ත ජිමින්ට ඒ විදිහටම ඉන්න ඉඩ දීලා ජියා ඇස් දෙක පියා ගත්තේ හෙමීට හමන හීතල හුලගත් එක්ක ආදරෙන් පිරුණ මේ මොහොත හරි ලස්සනට තමන්ගේ හිතේ අමතක නොවෙන විදිහට සිතුවම් කරමින්..ඒ මොහොත විදින ගමන්..

මැණික දෙයක් අහන්නද??

ම්ම් අහන්න ඔප්පා..ඕනිදෙයක්..

The House Of Cards ll His pain 💞 (Completed)Where stories live. Discover now