Chapter 3

389 76 64
                                    

ජිමින් වේදනාවෙන් කෑ ගහගහ හිටියා මිසක් මේ දේවල් නූනාට කියන්න කොල්ලාට සිහියක් තිබුනේ නෑ...නූනා ත් වැඩ කරන්නේ මේ හොස්පිට්ල් එකේ නිසා නූනා ට අඳුරන කෙනෙක්ගෙන් දැනගනිද්දි රායා ව එතනම කකුල් දෙකට වාරු නැතුව ඇදගෙන වැටුණා...රායා බිම දනගහගෙන පපුවත් අල්ලගෙන කෑ ගැහුවා..රායාට මේ දේවල් දරාගන්න බෑ...මොකද මෙච්චර කල් වුන දේවල් රායා කොහොම හරි දරාගෙන හිටියා..කෙල්ලට දැන තවත් මේ දේවල දරාගන්න ශක්තියක් තිබුනේ නෑ...මොකද මෙච්චර කල් රායාගෙ ජීවිතේ ති8බුණෙ අහිමි වීම් විතරයි...තමන්ට තිබුන අන්තිම තමන්ව සතුටු කරන්න පුලුවන් වුනේ හේතු දෙකකට විතරයි..ඒ ජිමින් ජියා..ඒත් පන වගේ ආදරය කරපු තමන්ගෙම නංගි මේ ලෝකෙන් යනවා කියලා දැනෙද්දි කෙල්ල තව කොහොම කියලා දරාගන්නද..

අ..අනී..අනී....ජියාඅ...මගේ මැණික...මියානේ..මියානේ..මගේ රත්තරං...මියානේ...

කෙල්ලගෙන් පිටවුණේ ඔය වචන ටික විතරයි..රායා ජියාව බදාගෙන ඇඬුවා...ඇති වෙනකම් ඇඬුවා..කඳුළු කියලා දෙයක් ආයෙ ඉතුරු නොවෙන්නම ජිමින් රායා ඇඬුවා...අන්තිමට පිට වුනේ ඉකියක් විතරයි..

කඳුළු නතර වෙලා හරියට එයාලගෙ කඳුළු ජියා අරන් ගිහින් වගේ..ඒත් වේදනාව..වේදනාව අරන් යන්න පුලුවන්ද.. අනී ඒක වෙන්නෙ නැති දෙයක්...ජීවත් වෙලා ඉන්න අය කොච්චර් වේදනාවෙන් හිටියත් මැරුණු මළමිනියක් ඒක දන්නේ නෑ..එයා නිදහස හොයාගෙන ගිහින් ඉවරයි..ඒත් තාමත් ඒ මැරුණු හදවත් නිසා ජීවත් වුනු හදවත් වලට දැනෙන වේදනාව දන්නේ ඒ වේදනාවෙන් මිරිකෙන කෙනා විතරයි..දැනිලා තියෙනවද ඒ වේදනාව..උල් කඩු කිනිසි දහස් ගානකින් අනිනවා වගේ වේදනාව...ඒ තරමට දරාගන්න බෑ..මම මේ කතාවෙ කතුවරයා වෙන්න පුලුවන්. ඒත් ඒ වේදනාව මටත් දැනෙනවා..මේක කතාවක් වෙන්න පුලුවන්..ඒත් මේ කතාව ඇතුලේ ඒ වේදනා විදින හිත් ජීවත් වෙනවා...

අ..අනී නූ..නූනා..මේක වෙන්න බෑ නේද..ක්..කියන්න මේක හීනයක් නේද..
කියන්න..නූනා..මට බෑ නූනා..මට රිදෙනවා

පෙට්ටියක් ඇතුලට දාලා ජියාව යට කරද්දි කොල්ලට තවත් බලන් ඉන්න බැරි වුනා..ජිමින් පිළිගන්න කැමතී නෑ ජියා එයාව දාලා ගියා කියලා..කොල්ලා බලාගෙන හිටියා කවුරුහරි ඇවිල්ල මේ ජීනෙන් ඇහැරවයි කියලා..ජියා ඇවිල්ලා මං ඔයා ළඟ ඉන්නවා ජිමින් කියලා කොයනක්ම් බලන් හිටියා..නෑ..ඒ හැමදෙයක්ම හීනයක් කරලා ජියා යන්නම ගිහිල්ලා..රායාත් ජිමින් ගේ ප්‍රශ්න වලට නිහඬයි...කෙල්ලට දෙන්න උත්තරයක් නෑ...රායාගේ පපුවත් රිදෙනවා..එක පැත්තකින් තමන්ගේ නංගි..අනිත් පැත්තෙත් පිස්සුවෙන් වගේ පපුව අල්ලගෙන වේදනාවෙන් කෑගහන ජිමින්...

The House Of Cards ll His pain 💞 (Completed)Where stories live. Discover now