03. 😎 සාත්තරේ 😎

259 61 114
                                    

මල් පලතුරු හට්ටි මුට්ටි වලන් පිගන් කොට්ට මෙට්ට.......
මේ ඔක්කොම අරන් හනික කපුවා ලගට දුවමු මිතුර.......
දුවමු මිතුර දුවමු......

ඤං ඤඤං ඤං ඤඤ ඤං........

හිකි හිකි.......

උදැහැනැක්කෙම කවුද දන්නවද මේ කඩු කස්තානත් උස්සන් හොර පාරෙන් යන්නේ....

කුක්කා බොලව් කුක්කා...... ඕහ් ෂිට් නේහ්🤣

තම පරම පවිත්‍ර විසකුරු ප්‍රේමය ලබා ගැනීම පිනිස මුහුදට බිලිවෙන්න කුක්කා යනවා.

ඉන්නකො හුහ්..... මගේ මෙ රෝමියෝව පිලිගන්න ඔයා කැමති නැද්ද සුකුමාල.......... ආ.......... වේදනායි........

කුක්කා හූල්ල හූල්ල අඩි පාර දිගේ හනි හනික දුවනවා..

ගමෙ කොනට වෙන්න සූබින් කපු මහතගෙ දේවාලය පිහිටයි... ඔහු ඇවිදින් අංක එකේ විගඩම් කාරයෙකි. එක දිනක් කපුවා තොවිලයක් නටන්නට ගියේ ය.. මූ නොසිතූ පරිදි එක වරම ආතුරයාට යක්සයා වැහුනේය....... මූ දන්නා සාස්තරයක් නැති නිසා රෙද්ද කඩා දමා හූ තිය තිය පස්ස නොබලා හැටට හැටේ පාගා  දුවන්නට විය..

එදිනෙයින් පසු සතියක් යන තුරු සූබිනාව එලි පෙහෙලියේදි දක්නට නොලැබුනි... තතු සොයා බැලූවන් කීවේ ඔහුට සහලෝලා උන ගැනී සිටි බවයි..

නමුත් තුන් දොහක් පමන ගත වන විට සූබිනා නැවත ගමේ කරලියට පැමිනුනේය. අහල පහල එව්වො තොවිලෙ අතර පැන්නේ ඇයි ඇසුවාම මූ කීවේ,,

යකාව මන් මගෙ පස්සෙන් ගෙන්න ගත්තා නෙව...... ඕකා හෙන නපුරා..... දේවාලෙටම ගොහින් හිර කලා මම😌....

ඔන්න ඕකයි.........

උන ගැනුනේ කෙසේද යත් රෑ පිනි බාලාය. වැඩේ කියන්නෙ මහ රෑ එලිවෙන තුරු සූදු පොලවල් වල සිටීමෙන් පිනි බා හෙම්බා නොහැදෙන මූ තොවිලෙ දා පිනි බා හෙම්බා හැදුනා ය ලෙස කීම ය දෙයියන්ටවත් සාක්කියක් දිය නොහැක්කේ
..

.......

කපු මහත්තයො කපු මහත්තයො ...........

හාවා බඩු බාහිරාදිය කර තියන් දොරකඩට වී සිටින්නෙ සූබින් කපුවාගේ ගේ ඉස්සරහයි... දොර ඇරූ සූබිනා බිය නොවුනා කීවොත් එය බොරුවක්. සදා තනිකඩ සූබිනගෙ ගෙදර පැල පදියම් වීමට මෙන්  සරිලන තරම් ප්‍රමානයක් බඩු හාවා ගෙනැවිත්‍ ය.

💥 හක්කපටාස් 💥Where stories live. Discover now