Chapter 04

341 113 22
                                    

"උන් හිතන් ඉන්න ඇත්තේ මන් මෙච්චර කල් කලේ විහිළුවක් කියල වෙන්න ඇති. දැන් නම් ඉතින් උන් සේරමල්ලා මගේ තරම හොඳටම දැනගෙන ඇති. හ්හ.... අපි බලමුකො දැන් උන් මොනවා කරයිද කියලා."

සෝෆා එකට හේත්තුවෙලා හිටිය චාලි, TV එකේ යන නිවුස් චැනල් සේරම එකින් එක මාරු කරන ගමන් ඒවල යන නිවුස් බල බල හිටියේ කටකොණින් හිනාවෙන ගමනුයි.

"චාලී....... අර මිනිහා දැන් නම් අපිට පුදුම වදයක් දෙන්නේ.... දැන් පැය ගාණක් තිස්සෙම එයත් එක්ක හිටිය අර අනිත් හාදයා ගැන අහ අහා කෑගහනවා... මට නම් තවත් ඉවසන්න බෑ බොස් මේ කන්කරච්චලේ.... මොකද්ද අපි දැන් මේකට කරන්නේ?"

චාලි එයාගේ කාමරේට වෙලා නිවුස් බල බල ඉන්නකොට තමයි එයා ළඟට දුවන් ආපු එක උස-මහත මනුස්සයෙක් චාලිට එහෙම කියලා හති අරින්න ගත්තේ. ඒ මනුස්සයා කියපු කතාව අහලා චාලිගේ කට අගට ආයෙමත් ලොකු හිනාවක් ආවා.

"මිනිහා කොහොමත් මුරණ්ඩුයි. අහිංසක පෙනුමක් තිබ්බට මිනිහට තරහ ගියාම යකෙක්ටවත් බය නෑ."

මෙච්චරවෙලා හාන්සිවෙලා හිටිය සෝෆා එකෙන් නැඟිට්ට චාලී එයාගේ අතේ හිරි ඇරියේ, ඒ ආපු මනුස්සයා දිහා බලාගෙනමයි.

"මොනවද වෙන ආරංචි?"

"උන් නම් හොඳටම කලබල වෙලා ඉන්නෙ බොස්..... උන්ට දැන්නම් අපේ ලොක්කව නිදහස් කරන්නම වෙයි."

"එහෙම කරන්නම වෙනවා."

චාලිගේ මූණෙ තිබ්බේ නෝන්ජල් හිනාව, යුන්ගිගේ මරණෙ ගැන කියලා TV එකේ යන නිවුස් දැක්කාම තවත් වැඩි උනා.

පස්සේ එයා TV එක off කරලා එයාගේ රයිෆල් එක ඉණේ ගහගත්තේ, මේසෙ උඩ තිබ්බ විස්කි බෝතලෙත් එක හුස්මට බීලා ඉවර කරලයි. ආපු මිනිහත් එක්කම එයා හිමින් හිමින් ඇවිදන් ගියේ එයාලගේ හිරකාරයෝ හිර කරලා තිබ්බ බේස්මන්ට් එක පැත්තටයි.

බේස්මන්ට් එක ළඟට එනකොටම ඇහිච්ච යුන්ගිගේ කෑගැහිල්ල නිසා චාලීගේ මූණට හිනාවක් ආවේ ඉස්කෝලෙ කාලෙදි පාඩුවේ පැත්තක් ගහලා හිටපු යුන්ගි කොච්චර නම් වෙනස් මිනිහෙක් වෙලාද කියලා මතක් වෙච්ච නිසයි.

The Escape Game ‖ MYG [5]Onde histórias criam vida. Descubra agora