Chapter 13

354 102 72
                                    

දිනය      : 2026 සැප්තැම්බර් මස 30 වෙනිදා.

වේලාව  : උදෑසන හතර පසුවී මිනිත්තු පහළොවයි.

ස්ථානය : අපරාධ හා බුද්ධි විමර්ශන ප්‍රධාන මූලස්ථානය, සෝල් අගනුවර.


"ඔෆිසර් මියුන්ගී.......????"

පහුගිය දවස් ගාණටම වෙච්ච හුඟක් දේවල් ගැන කල්පනා කර කර හිටපු නිසා, මන් ආයෙමත් මගේ කල්පනා සාගරෙන් ගොඩට ආවේ ළඟින්ම ඇහුණ ගොරෝසු කටහඬක් නිසයි. හැබැයි ඒ කටහඬේ අයිතිකාරයාව දැක්කා විතරයි මට ඉබේටම නැඟිට්ටුනා. මොකද ඒ හිටියේ වෙන කවුරුවත් නෙවෙයි, ඒ හිටියේ අපේ NIS එකේ chief.

"ඔයාගේ leg surgery එක ඉවර උන ගමන්ම මගේ office එකට එන්න......"

එහෙම කියලා chief එතනින් යන්න ගියේ එයාගේ පුංචි ඇස් තරහින් මගේ දිහාවටම යොමු කරලා ඉවරවෙලයි.

ඒ බැල්ම මොකද්ද කියලා මට අමුතුවෙන් මතක් කරන්න ඔින නෑ.

ඒ තමයි අසාර්ථක මිෂන් එකක් අවසානේ NIS ඔෆිසර් කෙනෙක්ට NIS ප්‍රධානියාගෙන් ලැබෙන පළවෙනිම feedback එක.

ඉතින් කොහොමහරි රාජ්‍ය දේපලවලට හානි කලා කියලා මාව NIS headquarter එක ඇතුලෙම තිබ්බ හිර කූඩුවක හිර කරලා තිබ්බේ, පැය තුනකට වැඩි කාලයක් තිස්සෙම බුද්ධි අංශ නිලධාරීන් මගෙන් ප්‍රශ්න කිරීම් කලාට පස්සෙයි.

ඒ අස්සේ මාව කූඩුවේ දාපු officersලත් එක්ක රණ්ඩුවෙන යුන්ගිගේ කෑගැහිල්ල, මාව හිර කරලා තිබ්බ කූඩුවටම ඇහෙද්දි මට පුළුවන් උනේ බිත්තියට හේත්තු වෙලා එයාගේ කියවිල්ලට හිනාවෙන්න විතරයි.

ඇත්තටම එයාට තරහ ගියාම මටත් වඩා අන්තයිද කොහෙද.... නැත්තම් ඒ පුංචි කටට කොහෙන්ද මෙච්චර ලොකු සද්දයක්.

.

.

.

.

.

මම ශින් මියුන්ගී.

මාෆියා එකට මගේ නම මරියා උනාට, මගේ උප්පැන්න සහතිකේ තිබ්බ නම තමයි ශින් මියුන්ගී කියන නම.

The Escape Game ‖ MYG [5]Donde viven las historias. Descúbrelo ahora