Chapter 14

333 106 26
                                    

(3RD PERSON's POV)

HYBE එකේ සූදානම් කරලා තිබ්බ press conference එකට යුන්ගි hall එකට එනකොටම හතරවටින්ම එයාගේ මූණට කැමරා ෆ්ලෑෂර්ස් වදින්න ගත්තේ, එක දිගටම වෙඩි වදිනවා වගේ කැමරා shutters වලින් මහ සද්දයක් එන අතරෙයි.

යුන්ගිට පුටුවෙන් වාඩිවෙන්නත් ඉඩ නොදී මීඩියා එකෙන් ඇවිත් හිටපු අය එක දිගට එයාගෙන් ප්‍රශ්න අහන්න ගනිද්දි, මුළු conference room එකම පෙනුනේ හරියට ජේජුවල මුහුද අයිනේ තියෙන මාළු මාර්කට් එක වගේ කියලා කිව්වත් වැරදි නෑ.

"කරුණාකරලා එක පාරකට එක ප්‍රශ්නෙ ගාණෙ අහනවද?"

යුන්ගිගේ ළඟින්ම වාඩිවුණු එයාගේ මැනේජර්, ටිකක් සද්දෙට මයික් එකට තට්ටු කරලා එහෙම කියද්දි මෙච්චරවෙලා මහා ඝෝෂාවකින් පිරිලා තිබ්බ හෝල් එකම මීයට පිම්බා වගේ නිහඬ උනත් අතරින් පතර පුංචියට ඇහුනු කසු කුසුවල සද්දෙ නම් හොඳට ඇහුණා.

"යුන්ගිශී..... මොකද්ද ඇත්තටම ඔයාට සිද්ධ උනේ?"

ඉස්සරහම පේළියේ හිටපු රිපෝටර් කෙනෙක් එහෙම අහද්දි, යුන්ගි මෙච්චර වෙලා දාන් හිටපු එයාගේ කළු පාට මාස්ක් එක ගලවලා මේසෙ උඩින් තිබ්බා.

ඒත් යුන්ගිගේ තුවාලවෙලා තිබ්බ මූණ දැක්කා විතරයි, ආයෙමත් එයා ඉස්සරහ තිබ්බ කැමරාවල flashes වලින් එයාලේ ඇස්දෙකම නිලංකාරවෙලා ගියේ, එක තත්ත්පරේකට flashes සීයක් විතර එයාගේ මූණට වැදුණ නිසයි.

ටිකවෙලාවක් යනකල් යුන්ගි මුකුත්ම කිව්වෙ නෑ. ‍

ඒත් එයා ඒ රිපෝටර්ගෙන් ලැබුණු පළවෙනිම ප්‍රශ්නෙට උත්තර දෙන්න කලින්, මුලින්ම ශීට් එකෙන් නැඟිටලා එතනට ඇවිත් හිටපු හැමෝටම එයාව ආයෙමත් අඳුන්වලා දෙන්න තරම් නිහතමානී උනා.

"අන්‍යහසයෝ.... මම මින් යුන්ගී. අද මේ conference එකට මෙතනට ආපු ඔයාලා හැමෝටම හුඟක් ස්තූතියි."

එයා ආයෙමත් පුටුවෙන් ඉදගන්න ගමන් ටිකක් වෙලා යනකල් එයාගේ අත්දෙක නොසන්සුන්ව පිරිමදින්න ගත්තේ, මේ වගේ conference වලට එයාට තනියෙන් මුහුණ දෙන්න උන පළවෙනි වතාව මේක වෙච්ච නිසයි.

The Escape Game ‖ MYG [5]Where stories live. Discover now