04

408 89 7
                                    

#නිල්වලාවට_ආදරෙන්
      සිව්වන දිගහැරුම
   

මම කාමරේට යද්දි දැක්කේ මහ පුදුම දෙයක්...ඉෂූ මගේ සුදුපාට බොත්තම් තියන කමීසේ ඇදගන... කෝකටත් වැඩිය සද්ද නොකර හිමින් සැරේ කිට්ටු වෙලා බලාගන හිටියේ මේකී කරන්නේ මොකද්ද කියලා .

                             ..මම අදින්නෙම කොල්ලො අදින ෂර්ට් ඒවම තමා..කොහොමත් මමත් ටිකක් ඒ වගේ...පොඩියට කොන්ඩෙත් පොඩ්ඩක් වවා ගත්තේ ගෙදර අයගේ කරදරේ නිසා...මම කොන්ඩේ වවන්න  කැමති කෙනෙක් නෙවෙයි ඒ වුනාට මගේ හිත යන්නෙම  කොන්ඩේ වවපු අයට...නිසලිගේ වුනත් ලස්සනට පිරිච්ච දිග කොන්ඩයක් තියනවා...වෙලාවකට හිතයි කොන්ඩේ කඩදාලා ඒක බදාගන ඉන්න... මොනදේ පටන් ගත්තත් අවසානේ නවතින්නෙ නිසලි ලගින්....
               
                මගේ කල්පනා ලෝකේ අතරෙම මම දැක්කේ මගේ දිහා බලන ඉන්න ඉෂූ....කෙල්ලගෙන් නිකන් ලැජ්ජාවක සලකුණුත් පේනවා...

" මොකද කරන්නේ ඔය මගේ අළුතින්ම ගත්තු ෂර්ට් එක"

ඔය ෂර්ට් එක ගත්තු අමාරුව දන්නේ මමනේ....

" මේක ඔයාගේද"

ඉෂූ නිකන් මගෙන් ඇහුවෙ නොදන්න ටයිප් එකට

" ඔව් මගේ තමා.."

" ඒක තමා හඩු ගද....තේජාගේ කියලා හිතලා අරන් ඇන්දේ..."

මෙන්න දැන් ගදලු ඉස්සෙල්ල සෝයි එකට බදාගන හිටියේ....

" එහෙනම් ගලවනවා..තවත් මොකටද ඇදගන ඉන්නෙ "

මම හිතට ආපු කේන්තියත් එක්කම කියලා දැම්මා...යකෝ ඒකීනේ කැමැත්තෙන් ඇන්දේ...නිකන් කතාව මම බලෙන් අන්දවලා වගේ.

" ගලවනවා තමා...හිතුවද අසාවට ඇදගන ඉන්නවා කියලා "

ඉෂූ එහෙම කියලා ෂර්ට් එක ගලවලා මගේ අතට විසික් කලා

        අනේ මගේ ෂර්ට් එක...පව් රිදුනද දන්නෙත් නෑ..අරකිගේ ශරීර ස්කන්දෙම මම එද්දී මේක අස්සනේ..එහෙමම ෂර්ට් එක රෙදි පෙට්ටියෙන් දාලා ටවල් එක අරන් යන්න හැරෙද්දිත් ඉෂූ ස්කිනර් එක පිටින්මයි.......අපෝ මෙයාට ලැජ්ජාවක් වත් නැද්ද....තියන වල් කමට මගේ ඇස් දෙකත් ලාවට ඒ පැත්තට ගියාතමයි...කෙල්ලත් ඉතිම් ලස්සනයි නේ... අනික මමත් පෘතග්ජන මනුස්සයෙක් නේ හැගීම් දැනීම් තියනෝ...

නිල්වලාවට ආදරෙන් || G×GWhere stories live. Discover now