17

344 76 2
                                    

#නිල්වලාවට_ආදරෙන්
    දහහත්වන දිගහැරුම

" නිසලි..."
ඉෂූ කියපු නිසා මමත් බැලුවේ නිසලි කවුද කියලා ..
ඒ මගේ හිතේ ඉන්න කෙනාම තමා..ඒත් කොහොමද ඉෂූ නිසලිව අදුරන්නෙ
" ආ ඉසංකා , යාලුවො ටිකත් ඉන්නෙ හවස බීච් එකට ආවද "

ඉෂූ , නිසලි දෙන්න බර කතාව මුකුත් ඇහෙන්නේත් නෑ..ටික ටික අපි ඉන්න තැනින් එහාට ගිහින්..අපරාදේ ෂිට් ලග හිටියනම් ඔක්කොම දැනගන්න තිබුනා.....

-       -       -       -       -       -        -       -
 
කාලය ඉගිලෙන්නේ විදුලි වේගයෙන් ඉෂූ නිසලිව අදුරන්නෙ කොහොමද කියලා දැනගන්න දවස් පහක් තිස්සේ ෆුල් ට්‍රයි.. ඉෂූ ත් මාව ගොනාට අන්දවනවා විතරයි..

ඔළුවත් රිදෙනවා, ඇගටත් ටිකක් අමාරු නිසා ඇදේ ඇලවේලා වහලේ පරාල ගනන් කරා.. පන්ති යන්නත් බෑ වගේ දැනෙනවා..

" රුසී නැගිටින්න අදත් පරක්කු වෙන්නද කල්පනාව"
ඉෂූ ගේ සද්දේ ඇහෙන්නේ නැ වගේ අනිත් පැත්තට හැරුනා..
" කෝ නැගිටින්න ළමයෝ "
කෙල්ල එහා පැත්තෙන් වාඩිවෙලා කරදරේ
" රුසී අවසාන වතාවට කියන්නෙ නැගිටින්න..නැත්නම් වතුර බාල්දියක් ගෙනත් දානවා"
අනේ මේ කෙල්ල දෙන වදයක්..මට මේ ඉන්න බෑ..මෙයා මෙහෙ කෑගහනවා.......ජිවිතේ එපා වෙන්නේ මේ වෙලාවට තමයි
" ඉෂූ මට අද පන්ති යන්න බෑ ඇගට අමාරුයි  මහන්සියි වගේ "
" නිදාගන වැඩිවෙලා තමා මහන්සි වෙන වැඩක් කරනවද නැනේ "
ඇයි අෆ්ෆේ මෙයාට තේරෙන්නේ නැත්තේ..
" ඉෂූ වද නොදී ඉන්නකෝ...මම අද පන්ති යන්නේ නෑ එච්චරයි "
එහෙම කිව්ව රෙද්ද ඔළුවටම පොරවගත්තා සැනසීමෙන් නිදාගන්න හිතාගන..
විනාඩි දෙකක් විතර ගියාත් ඉෂූගේ සද්දයක් නම් නෑ..හිමින් ඔළුව දාලා බැලුවේ පේන මානෙක ඉන්නවා ද කියලා..
              අම්මෝ ලොකු සැනසීමක් කෙල්ල පේන්නවත් නෑ..
" මොකද හොරෙන් බලන්නේ "
මගේ එහා පැත්තෙන්ම හිටගන..මගේ සතුට එක මොහොතයි..

" මොකද්ද වෙලා තියෙන්නේ ඔය තරම් මුරණ්ඩු වෙන්න "
රෙද්දත් අයින් කරලා ආයෙම ලගට වෙලා බලාගන
" දන්නෑ ඔළුව රිදෙනවා ගොඩාක්...මට උණ..ඒ නිසා නිදාගන්න දෙන්න "
එහෙම කියලවත් මේ කෙල්ලගෙන් බේරෙන්න ඕනා .
" කෝ බලන්න "
ඉෂූගේ අත නලලට තියන්න කලින්ම ඇදේ වාඩිවෙලා පිටිපස්සට වුනා..
" රුසී ඔහොම ඉන්න..උණ තියනවද බලනකම්.. පොඩි එකෙක් වගේ දගලන්නේ නැතුව "
.....

නිල්වලාවට ආදරෙන් || G×GWhere stories live. Discover now