32

307 65 3
                                    

නිල්වලාවට ආදරෙන්
    තිස් දෙවන දිගහැරුම

ක්ලාස් එකේ පේපර් එකතු කරන අයියා සද්දෙන් මට කතා කරනවා...

" මොන සිහියෙන්ද ඉන්නේ නංගි..ඉන්ඩෙක්ස් නම්බර් එක කෝ..දැන්වත් ලියන්න..."

මට මොන සිහියක්ද මගේ කෙල්ල අරහේ අසනීපෙන් මූ මෙහෙ බයිලා කියවනවා...කරන්න දෙයක් නැති නිසාම ඌටත් සිරික්කිය දාලා එතන තිබුන පෑනකින්ම ඉන්ඩෙක්ස් නම්බර් එකත් ලියලා ඉක්මනට හැරුනේ පුළුවන් තරම් අඩු කාලේකින් බෝඩිමට යන්න.....

     " මොකද නංගි ඔච්චරම කලබලේ.....මේ ඉලක්කම්  වත් හරියට ලියලා නෑ....."

" අනේ සොරි  අයියේ පොඩි හදිස්සියක්..."

" හරි හරි යනවා...මේ නම කියනවා.....ඒකවත් ලියන්න මම "
" තෑන්ක්ස් ආ.....මම රුසිරිනි...."

තට්ටු තුනක උඩම තට්ටුවේ ඉදන් පඩිපෙල වේගෙන් බැස්සේ එකපාර පඩි දෙක ගානේ....මට ඒ තරම් හදිස්සියි ඉෂූ ලගට යන්න.....
තනියම මල් පාර දිගේ යද්දි උසුළු විසුළු ආවත් කිසිම ප්‍රතිචාරයක් නැතිවම පුළුවන් තරම් ඉක්මනට බෝඩිමට ආවා....ඉෂූව දකිනකම් මගේ හිතට සැනසීමක් නෑ.........
    " ඉෂූ...."
" ඉෂූ...."
උඩට පඩිපෙල නගින ගමන්ම ඉෂූගේ නමම කියාගන ගියේ මට කෙල්ලව දකින්න තිබුන හදිස්සිය නිසාමයි.....
  
    " මොකද මේ බෙරිහන් දෙන්නේ....."
කොණ්ඩේ පිහිදාන ගමන් ඉස්සරහට ආවේ බෝඩිමේ අපි එක්ක ඉන්න අක්කා කෙනෙක්....
     " මුතු අක්කේ කෝ ඉෂූ...."
" ඉෂූ  නිදිද කොහෙද....ඔළුව රිදෙනව කිව්ව................"
" හරි අක්කේ..."
ඒ ස්පීඩ් එකෙන්ම නැවැතුනේ කාමරේ..

අනේ මගේ අහිංසකී පොඩි එකෙක් වගේ හොදටම නිදි....කොට්ටෙත් බදාගන....කාමරේ ජනේලෙන් එන හුලග නිසා කෙහැරැලි දග කරනවා.....ඒත් ඒ මුහුණ නම් හැගීම්වලින් තොර සුවබර නින්දක සේයාවක් තමයි පෙන්නන්නේ .........

    මගේ පුංචි සුරංගනාවි හොදටම දොයි ඉෂූව දැක්කම තමයි මගේ හිතටත් සැනසීමක් දැනුනේ.....හිමින් නලලට අත තියලා බැලුවේ තවම උණද කියලා....ඇගේ රස්නෙ ගොඩක් අඩුයි.... තව ඉෂූට නොදැනෙන්නම දගකාර කෙහැරැලි කන අගිස්සේ රදවලා ඒ මුහුණ දිහාම බලන් ඉන්නවා....

නිල්වලාවට ආදරෙන් || G×GWhere stories live. Discover now