වෙනදා වගේම මම ගෙදරට ඇවිත් කෙලින්ම මගේ කාමරේට ගියා..
"චූටි පුතා, කෑම කන්න රත්තරන් , අම්මා කෑම එක අරන් මගේ පස්සෙන් කාමරේට ආව..
මම හිස් බැල්මෙන් ඒ ඇස් දිහා ඔහේ බලන් ඉදියා.. කාමරේ ඇඳේ වාඩිවුන මම බිම බලාගත්තෙ මං නිසා දුක් විදින අම්මගෙ ඇස්වල කඳුළු බලන්න බැරි නිසයි. අම්මා ඇඳේ කොණකින් වාඩිවෙලා මට කවන්න ගත්තා. ඒ හිතට තවත් දුක් දෙන්න අවශ්‍ය නැති නිසා මම කෑම කෑවා.. හෙට මොනවා වුණත් පටන් ගත්ත වැඩේ ඉවරයක් කරන්න ඕන නිසා මම කොහොමත් ශක්තිමත්ව ඉන්න ඕන.. අම්මා වචනයක්වත් කතා කරේ නෑ.. එයාලට මගේ මේ හැසිරීම දරාගන්න බෑ කියල මම නොදන්නව නෙවෙයි. ඒත් ඒ කියල මට නොහඬා මගේ වේදනාව දරාගන්න වෙන විදියක් නෑ.. මගේ ජීවය සම්පූර්ණයෙන් ශරීරයෙන් ගිලිහෙනව බව දවසින් දවස මට තේරෙනවා.
පුතා වොශ් දාන් නිදාගන්න මැණික. අම්මා මගේ හිස අතගාල යන්න ගියා. මම ඔලුව ඉස්සුවේවත් නෑ. මම ටවල් එක අරන් බාත් රූම් එකට ගියා.. මට වට පිට බලන්නවත් හිතෙන්නෙ නෑ.. මේ කාමරේ පුරාමත් එයාගෙ මතක රැදිල තියෙනවා..
උණුසුම් වතුර ඔලුවට වැටෙද්දි මම එහෙමම බිම වාඩිවුනා... ආයෙමත් එයාගෙ සුවඳ මතක එක්ක මම අතීතයට ගියා...😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
චාන්ගව අපාර්මන්ට් එකට දාල මට ඇත්තටම යන්න හිතුන් නෑ.. "බෝධී ඔයා එනව නේද ඇතුලට.." දෙයියනේ ඒ පාර බෝධිලු..අනේ මගේ හාවෝ එක එක කියුට් නම් කියල ඇයි මට මේ කතා කරන්නෙ.. එතකොට මට උන් හිටි තැන් අමතක වෙලා යනව කියල තේරෙන් නැද්ද... අනේ අනේ බෝ බෝ ඔයා ඇතුලට එන්න ඕන..එයා මේ ඉන්නෙ මගේ බයික් එක උඩ බව එයාටම අමතක වෙලා මගේ ඉනෙන් අල්ලන් හොලවන්න ගත්තේ...අනී ඩැඩා අයිස්ක්‍රිම් ප්ලීස් කිය කිය තාත්තගෙ ඇගේ එල්ලිල අඬන බබෙක් වගේ..
"හෝව් හෝව් වැටෙන්නද ඕනි ඔයාට.. ඉන්න බයික් එක නවත්තනකම්" මම කෑගල එයාට කීවෙ මම කියන ඒව ඇහුනෙ නෑ වගේ මාව හොල්ලන නිසා..බයික් එක නතර කර ගමන් එයා මගේ උරහිසට බර දීලා බයික් එකෙන් පැන්නා..
"අනේ බෝබෝ ආයෙ දවසක ඔයා මාව බයික් එකේ එක්ක යනව නේද.. බයික් එකේ යන එක මාරම ශෝක්" එයා ඔලුව පද්ද පද්ද ඇස් පුංචි කරන් මගෙන් ඇහුවා..
"අපොයි පොඩි ළමයිට බයික් වල යන්න බෑ.. එයාල වැටෙනවා.පුරුද්දට ගන්නෙපා ඔන්න" මං ටිකක් ගණන් ඉස්සුවෙ ඒ හුරතල් තවත් බලන්න ඕන නිසා.
" අනේහ් මම පොඩි ළමයෙක් නෙවේනෙ මම අවුරුදු 26 ක කොල්ලෙක්.. එන්නෙපා මට නම් පොඩී කියන්න..
"මොකක්...ඔයාට අවුරුදු 26ක් වෙනවද? අනේ දෙයියනේ මේ බබෙක් වගේ හැසිරෙන්නෙ අවුරුදු 26 ක ලොකු කොල්ලෙක්ද එතකොට...
"හරි ඉතින් අවුරුදු 26 ක් කියන්නේ ඒ හැටිම ලොකුමත් නෑනෙ..දැන්වත් එනවද මහත්තයා ඇතුලට" හික්ස් පොඩී කියනවට කැමති නැති වුනාට ලොකුයි කියනවට කැමතිත් නෑ වගේ මේ හාවා..
"කමක් නෑ ඉස්සරහට මට මේක නුපුරුදු තැනක් වෙනේකක් නෑනෙ..ඒ නිසා අදම යමුකො මෙයාගෙ මාළිගාව ඇතුලට.
YOU ARE READING
Forever Love
FanfictionYIZHAN & ZHANYI FAN FICTION හැන්දෑවෙ දම් පාට බටහිර අහසෙ රත්තරන් පාට ඉර බැහගෙන යන වෙලාවෙ ඒ ඉරේ පාටයි අහසෙ දම් පාටයි එකතු වෙලා ආව දීප්තිමත් එළිය ඔයාගෙ මූණට වැටිල තියෙද්දි මහන්සි වුණත් හුරතල් හිනාවකින් මූණ පුරෝගෙන හෑන්ඩ්ෆ්රී එකත් කණේ ගහගෙන ජොගින් යන ව...