18 -Band of the year grand finale

351 121 135
                                    


Utv එක එයාලගෙ වසරේ අති දැවන්තම ප්‍රාසාංගික අත් දැකීම වන Band of the year grand finale එකට චීනෙම හොල්ලලා සූදානම් වෙද්දි අපි බනී වෙනුවෙන් මහන්සී වුනා... බනී වෙනුවෙන්, එයාගෙ Xnine Band එක වෙනුවෙන් මමයි යූබිනුයි අපට කරන්න උපරිම සහයෝගය කැප කිරීම් කරා.. බනී ගෙ ඇගේ ඩාන්සින් තිබ්බත් චෙන් වගේ අඩියක් තියල අඩියක් හොල්ලන්න බැරි හොර ඇඟවල් ටික ලස්සනට නටවල ගන්න අපට පුලුවන් වුණා..

එදා බනීගෙ ශෝ එකට කලින් දවසෙ එයාගෙ අම්මයි තාත්තයි අයියයි එයාගෙ නෑනයි එයාට අර අපි හම්බුන පළවෙනි දවසෙ කතා කරපු ස්වීට් හාට් , බනීගෙ සූ ටි මැණික යි ඔක්කොමලා ඇවිත් තිබුණ නිසා මට සිද්ධ වුනා එදා මගේ ගෙදර තනියම නිදාගන්න එන්න.. හැබැයි මම එදා ආවෙ ඒ පවුලෙ අනාගත බෑන වශයෙන් (නෑ නෑ එයාල දන්නෙ නෑ) එයාලට කරන්න ඕන සේරම යුතුකම් ඉශ්ඨ කරලයි.. අම්මා තාත්තා අයියා අක්කා වගේම බනීගෙ සූටි මැණිකවත් මල්ලෙ දාගෙනයි මම ඒ දොරින් එළියට බැස්සේ.. බනීගෙ ගෙදර රෑ 8 විතර වෙනකම් ඉදලා මම ගෙදර එන්න එලියට බහිද්දිම,

"බොධී බෝධී..ඉන්න මාත් එනවා.." කියල කෑගහගෙන බනී දුවන් ආවෙ කවුරුත් පුදුම වෙලා බලන් ඉද්දි.. ඒ ආව විදියට ගෙදර කට්ටිය වගේම මාවත් කන්ෆියුස් වෙලා ගියා..

දැන් ඇවිත් ඉන්න ලස්සන.. අර මිනිස්සු ඔක්කොම බලන් ඉද්දි මේ හා කෝලමට හෙල්මට් එක දාන්නත් වෙනව ඉතින්..

"මොකද?නින්ද යන්නෙ නැද්ද බනී මං නැතිව.. මම් හිත ඇතුලෙන් ආඩම්බර වෙන ගමන් රහසින් එයාගෙන් ඇහුව..
"Everyday meanings Everyday නෙහ්...එක දවසක්වත් අඩුවෙන්න බෑනෙ... "එහෙමත් කියල මම් ඇහකුත් ගැහුවා..

බනී මං දිහා අර එයාගෙ රක්ශ මූණ දාල.. එයාගෙ පස්සෙන් මිදුලෙ ටිකක් දුර්ට ආව එයාගෙ අම්මට කෑගහල,

"අම්මි, මම් බෝධිගෙ අම්මලට කතා කරල එන්නම්..මට එයාලගෙ ආශිර්වාදෙ ගන්නම ඕනි.. මෙච්චර කල් මාව බලාගත්තෙ එයාලනෙ..." කියල මගෙ දිහා බැලුවෙ ඇත්ද උඹට වගේ බැල්මකින්..

හෆෝ මේ නපුරු වල් රැබිටා.. මම හිතුවෙ මාත් එක්ක නතර වෙන්න හදනව කියල. අපරාදෙ මං මෙයා වෙනුවෙන් හිතපු දේවලුත්...

Forever LoveWhere stories live. Discover now