08 - The mysterious man in black

367 109 39
                                    

පරණ දේවල් මතක් කර කර ඉදිය මිසක් චාන්ගට මැසේජ් එකක් දැම්මෙ නෑනෙ කියල මතක් වුණේ දැන්.
මම කොහොමත් කාටවත් නොකීවට තීරණයක් අරන් තිබුණා, මේ කම්පිටිශන් එකෙන් පස්සෙ ආයෙ ඩාන්ස් කරන්නෙ නෑ කියල. මට ඕන උනේ චාන්ග වෙනුවෙන් අද බෙස්ට් ඩාන්සර් වෙන්න විතරයි.. එයා ළඟ ඉද්දි ආසාවෙන් කරපු ඒ දේවල් ආයෙ කරන්න හිත හදා ගන්න බෑ.එයාගෙ මතක එක්ක ඒ දේවල් කරන්න හරිම අමාරුයි..
අන්තිමේ තාත්තගෙ බිස්නස් වලට ජොයින්ට් වෙන්න තීරණය කලා මං ආස හැමදේම නතර කරල. ඒකෙන් අඩු ගානෙ එයාගෙවත් හිතට සැනසීමක් ඒවිනෙ. අවුරුදු ගානක් තිස්සෙ මාව වැන්ග් ගෘප් එකට ජොයින්ට් කරගන්න එයා කොච්චර මහන්සි වුනාද? ඒත් මෙච්චර කල් මම් එයා කීව දේවල් තඹේකට මායිම් කරේ නෑ.. මං කලේ මං කැමති දේවල් විතරයි. ඒත් තවදුරටත් මගේ ජීවිතේ මං කැමති දේවල් කියල දෙයක් නෑ...
මං චාන්ග ට මැසේජ් එකක් ටයිප් කලා..

"Mage hithe tibba oya ada ewi kiyala changa.. oya ada awa nisa mata porondu una award eka ganna puluwan una. Oya awe netnam mata ekat karanna beri wenawa. Oya neti me jeewithe kisima prayojanayak ne kiyala adat oppu kala baba. Mata oyawa oni changa. Plz enna mat ekka kata karanna. Mata ekama parak aye kata karanna.mage calls block karata kamak ne.Mata msg ekak danna.plz changa oyage bobo merei.

මැසේජ් එක ඩිලිවර් උන ගමන් සීන් රිපෝර්ට් එකත් ආව. මට තියෙන එකම සැනසීම ඒක විතරයි. අඩු ගානෙ එයා මගේ මැසේජ්ස් බලනවා කියන එක මම දන්නවනෙ.
කෑම එකත් අරන් අම්මා කාමරේට ආවෙ ඒත් එක්කම. එයාගෙ සතුට වෙනුවෙන් මම සේරම කෑවා.. ඔලුව අතගාල එයා මට වොශ් දාල නිදාගන්න කියල කාමරේ දොරත් වහල යන්න ගියා.. අඩුගානෙ අන්තිමට මම නිසා හැමදාම දුක් වින්ද ඒ දෙන්නට පොඩි සැනසීමක් දුන්න නේ කියල මට හිතුණා.

කොච්චර උත්සාහ කලත් බාත් රූම් එකට ගියාම අඬන එක නවත්තගන්න මට තාමත් බැහැ. එයා අද ආව එක ගැන කොච්චර සතුටක් දැනුනත් මගේ ඇස් ඒ ඇස් එක්ක ගැටුන ගමන් එයා අහක බලා ගත්ත විදියයි තවමත් මට මතක් වෙන්නෙ. අච්චර හුරතල් වෙවී මගේ ළඟ දැවටිච්ච හා පැටියා මෙච්චර දැඩි හිතක් තියෙන නපුරෙක් වුනේ කෝමද මන්දා..
මං ඇත්තටම එයාට වැරද්දක් කලාද?මාව දාල යන්න තරම් එයාට මම කරපු වැරද්ද මොකක්ද?මට හැම වෙලේම ඕන උනේ ලෝකෙ හොඳම දේවල් එයාට දෙන්න විතරයි. එයා වෙනුවෙන් මම මොනවද නොකෙරුවෙ.අම්ම තාත්තට වඩා මම එයාටනෙ ආදරේ කලේ.. එයාවනෙ විශ්වාස කලේ.. මේ විදියට එයා මාව දාල ගියානම් මම කොහොමද ලෝකෙ කිසි කෙනෙක් විශ්වාස කරන්නෙ..
සුපුරුදු පරිදි මාව දියවෙලා පෙගෙනකම්ම මම ශවර් එක යට වාඩිවෙලා ඇඬුවා.
ඒත් මට මොකක් හරි දෙයක් අද දවසෙ මිස් වුනා කියන හැඟීමක් ඔලුවෙ තිබ්බ. ඔවු හරි මොකක්ද අම්මා ඒ කීව කතාව.. " චාන්ගා එනකම් මම නොකා ඉදිය කීව නේද? අම්මා සාමාන්‍යයෙන් එහෙම විහිළු කරන්නෙ නෑනෙ. මට සිහිය එනකොට යෑන්ලි අක්කා ඇවිත් තිබ්බෙ නෑනෙ. මට සිහිය එද්දි ඉදියෙ මම විතරයි. අනික මම ඇහුවෙ නෑනෙ කවුද මට යෝගට් ඩ්‍රින්ක් ගෙනාවෙ කියල. එතකොට මාව සිහිය නැතිව වැටෙද්දි අල්ල ගත්තෙ කවුද? කවුද මාව රෙස්ට් රූම් එකට අරන් ගියේ.. ඔහ්..ගෝෂ්..ඇයි මේ දේවල් මට දැන් මතක්වෙන්නෙ..
උදේම යෑන්ලි අක්කා හම්බෙන්න ඕන.. මං මේ පැටලුන නූල් බෝලෙ කොණක් එයා අල්ලන් ඇති..
අන්තිමේ කල්පනා කරල කරල හෙම්බත් වුන මම බාත් රූම් එකෙන් එලියට ආවා.
වෙනද මේ වෙලාවට මම වොශ් දාන් එනකොට මගේ ෆෝන් එකට මැසේජ් කොච්චර ඇවිත්ද? දැන් කොයිවෙලෙත් තියෙන්නෙ වෙයිබො නොටිෆිකේශන් විතරයි..මම වෙයිබො යන්නෙම නෑ දැන්..
මම යෑන්ලි අක්කට මැසේජ් එකක් දැම්මා හෙට හම්බ වෙන්න ඕන කියල.
"Mama me msg eka balaporottuwen hitiye malliyoo 😄"
ආයෙ අනිත් පැත්තට එයාගෙන් එහෙම රිප්ලයි එකක් ආව.
උදේ 10ට අපේ රෙස්ටුරන්ට් එකේදි මුණ ගැහෙන්න තීරණය කරන් මම නිදාගන්න ඇස් පියා ගත්තා. ඊට කලින් බනීට මැසේජ් එකක් දාන්න ඕනි.

Forever LoveWhere stories live. Discover now