" දුව අද college එකට යන්න බැරි උන එකට දුකෙන්ද ඉන්නේ.. "
" අනී.. "
" අපි මොකක්ම හරි විදියකින් ඉස්සරහට යන්න ඕනනේ දුව නේද.. "
" හ්ම්ම්.."" college එකට නම් යන්න බැරි උන එකමයි හොඳ අර මෝඩයට තේරෙයි මන් නැති එකේ අගේ.. හිතන් ඉන්නේ එයා තරම් කෙනෙක් නෑ කියලා.. ඒයාගේ මහ ලොකු හයොන්ග් ල මොකටද මන් නිසා බැනුම් අහන්නේ.. ඒ කාවවත් මන් දැකලත් නෑ.. මල විකාර.. පුළුවන් නම් මන් තව සතියක් විතරම යන්නේ නැතුව ඉන්නවා.. "
නිම්හී හිටිය කල්පනාවෙන් මිදුනේ මාමා නිම්හී දිහා බලාගන නිම්හීගේ ඔලුව අතගානවා දැනුනම.. නිම්හී අහිංසක විදියට මාමාට හිනා උනේ ඒයා ගාවදී දැනෙන රැකවරණය ඒ ආදරය එයාව ජීවත් කරවන නිසා..
" බෑන්ග් නිම් ෂි එන්න ඇතුලට "
නර්ස් කෙනෙක් මාමාටත් නිම්හිටත් ඇතුලට කතා කලාම දෙන්නම නැගිටලා ඇතුලට ගියේ මීට දවස් දෙක්කට කලින් පීඩී නිම්, නිම්හිගේ මේ ගොතය හොඳ කරන්න ඕන කියලා හිතලා doctor කෙනෙක්ව channel කරපු නිසා. ඒ appointment එකට නිම්හි college යන්නේත් නැතුව ආවේ මාමා doctor කෙනෙක් හම්බෙන්න යනවා කියලා කියපු නිසා..
" ඉතිං නිම්හී කොහොමද "
" ග්..ග්වෙන්චනා "
" වාහ්.. මේ හොඳට කතා කරන්නේ.. "
" දෙ.."
" ok ඔයාගේ මාමා මට විස්තර කිව්වා.. දුව මට පොඩ්ඩක් කට ඇරලා පෙන්නන්න.. "නිම්හී එතකොට කට ඇරලා පෙන්නුවා.. විනාඩි 10 ක් විතර නිම්හිගේ කටේ දිව පිහිටලා තියෙන විදිය doctor පරික්ෂා කරලා පීඩී නිම් පැත්තට හැරුනා..
" නිම්හිගේ යටි තල්ලෙන් දිව පිහිටලා තියෙන විදිය අපේ තියෙනවට වැඩිය ටිකක් වෙනස්.. ටිකක් කිව්වට ගොඩක් වෙනස්.. ඒ නිසා තමා නිම්හීට මෙ ගොත ගැහෙන තත්වය ඇති වෙන්නේ.. ඒ වගේම තමා.. English වචන එච්චර අමාරු නෑ මේ අපේ වචන වගේ ඒ වගේ ලේසි ඒවා එයාට කියන්න පුළුවන්.. තවත් දෙයක් තාලයක් එක්ක වචන කියද්දී ගොතය කියන තත්වය අඩු වෙනවා.. මුලින්ම නිම්හී එක්ක කතා කරන්න එතකොට එයාට වචන හුරු වෙනවා.. ඒ වගේම එයාට සින්දු කියන්න දෙන්න.. අමාරුවෙන් හරි කොරියන් ඒවා පුරුදු කරන්න.. ඊටපස්සේ අපි operation එකට යමු.. "
ඒ කතාව එක්ක නිම්හී ලොකු කල්පනාවක් එක්කම මාමා එක්ක car එකට ඇවිත් වාඩි උනා.. මාමා කොහේට යනවද කියලා නොතේරුනේ නිම්හී හිටියේ තමන්ගේ හීනය වෙනුවෙන් පාර හදාගන්න විදිය ගැන කල්පනාවකින් නිසා..
YOU ARE READING
THE DUMB MOON [ Completed ] | KSJ FF | 🌙🌙
Fanfictionහදත් ගොළු උනිද..🌙🌙 Story cover by : txt_luna