The Dumb Moon ( Last Part 2) Final Moment

977 172 149
                                    


" Excuse me sir අපිට මේ ලඟම තැනකින් call එකක් ආවා පාරේ ගෑනු ළමයෙක් වැටිලා ඉන්නවා කියලා.. එයා korean  කෙනෙක් වගේලූ.. අපියමුද.. "

" දේ දේ යමු.. "

හැමෝම එතනට ආවත් කිව්ව තැනට යන්න උනේ වාහන වලින් බැහැලා ඇවිදගන.. තමන් පණටත් වඩා ආදරය කරන ඇස් දෙක නොදැක ඉන්නත් පුළුවන් සමහරවිට ඈතින් ඉඳන් ආදරය කරන්නත් පුළුවන් එත් තමන්ට පණ වගේ දැනෙන ආදරය ජීවිතයත් මරණයත් අතර කියලා දැනෙද්දී දැනෙන මේ වේදනාව ලෝකයේ කිසිම ආදරවන්තයෙක්ට දැනෙන්න එපා කියන හැඟීම ජින්ගේ හිතේ තදින්ම කිව්වා.. නිම්හී ජින් කියන්නේ හැමදාමත් අපි දකිනවා වගේ නිතරම ආදරයෙන් හිටපු දෙන්නෙක් නෙමේ.. එකිනෙකා වෙනුවෙන් අසීමිත කැපකිරීමක් කරන්න ඒ ආදරයෙන් ඔවුන් ඔවුන්ටම ඇප උනේ ඒ ඇස් මුණගැහුන මුල් දවසෙමයී..

කව්රුත් සවන් නොදුන්න නිම්හිගේ ගැහෙන හඬට සවන් දුන්න නිම්හිගේ ආදරවන්තයා ජින්.. තමන්ව සුර ලොවින් ආපු සුරදූතයෙක් විදියට දැකපු එකම මොහොතකවත් වෙනස් නොවුන  ආදරය නිම්හී...
ආදරය කියන බැඳීම ඇතුලේ හිර උන මේ අහිංසක ආදරය තවත් හැඟීම්බර නොවෙන්න මහන්සි උන දඟකාර සහෝදරයෝ හයක්.. එකිනෙකාව ඒ පුරහඳ පායපු රාත්‍රියේ මෙල්බන් හී කුඩා මාවතකදී මුණගැහුනා..

කලු පාට පොරවනයක් ඇතුලේ ගුලි ගැහිලා ඉන්න පුංචි රෝස මල අඳුනගන්න හඳකට බැරි වෙන්නෙ නෑ වගේ ජින්ට ඈත තියාම නිම්හිව අදුනගන්න පුළුවන් උනා.. දුවන්න පුළුවන් උපරිමයෙන් දුවලා බිම දිගාවෙලා හිටපු නිම්හිව දණගහගන ජින්ගේ පපුවට තුරුල් කරගත්තේ නිම්හිගේ ගැහෙන ඇසිපිය ඒ සීතලට හිරිවැටුන කම්මුල්.. ඒ සුදුමැලි උන දෙතොල් කිසිම පිලිවෙලක් නැතුව සිපගත්තේ ජින්ගේ ඇස් වල කඳුලු නිසා දිලිසෙන නිම්හිගේ මූණෙන් සැනසුම් සිනහවක් නැගෙද්දී..

" මගේ මැණික.... "
" ඔ..ඔප්..ඔප්පා.. මට සීතලයී.. "

ජින් නිම්හිව තවත් තුරුල් කරගත්තේ හිතට සැනසීම හොඳින්ම දැනෙද්දී..

" ඔ..ඔප්පා.. "
" ඔව් මැණික කියන්න.. මන් අහන් ඉන්නේ.. "
" ඔ..ය්.යා.. සෝයා එක්..ක.. ඉන්..න ද්..දවස් ව්..වවල දො.. දොස්තර විභාගය එ..එහෙම.. ලිව්වේ නෑ නේද?"
" නිම්හී මොනවද මේ අහන්නේ.. "

THE DUMB MOON [ Completed ] | KSJ FF | 🌙🌙Where stories live. Discover now