ඉස්සරහ cabin එකේ හාවා 🐰

82 12 4
                                    


"විහන්සි! ඔය මොකද කරන්නේ ?" ඔෆිස් රූම් එකේ දොරෙන් එළිය බලාගෙන හිටපු විහන්සිගෙන් ජිමින් ඇහුවා. දොරෙන් එළියේ හිටපු කෙනෙක් දිහා බලාගෙන හිටපු විහන්සි ජිමින්ගේ කටහඬට ගැස්සිලා ගියා.

"මම?" විහන්සි ඒ කාමරේ එවෙලේ හිටියේ ජිමිනුයි එයයි විතරයි කියන එකවත් මතක නැතුව ජිමින්ගෙන් ඇහුවා.

"ඔව් ඔව් ඔයා තමා. නැත්තන් මමද?" ජිමින් කර කර හිටපු වැඩේ දාල විහන්සි ලඟට ආවා.

ජිමින් කියන්නේ විහන්සිගේ ප්‍රථම ප්‍රේමය. විහන්සි ජිමින්ට කැමති වෙන්න ප්‍රධානතම හේතුව තමා ජිමින් කොල්ලගේ උස. අපේ විහන්සිත් ජිමින් වගේම කොට මොඩල් එකක් තමා.( කියන කෙනා හරි උසයි වගේ! එහෙම නේ ඔයාල හිතුවේ. ඒත් දැන් මෙතනට මගේ උසක් වැඩක් නෑනේ මන් නෙමෙයි නේ කතාවේ ඉන්නේ.🤓) ජිමින් ශ්‍රී ලංකාවට බිස්නස් වැඩකට ආපු වෙලාවක තමා අපේ විහන්සිව මුණගැහිලා තියෙන්නේ. දැකපු මුල් අවස්ථාවේම දෙන්නගෙම හදවත් බැඳුනලු. මන් දන්නේ නෑ විහන්සිලාගේ අල්ලපු ගෙදර ඇන්ටි තමා කිව්වේ.( අල්ලපු ගෙදර ඇන්ටි සමාවෙන්න ඕන ඔයාව ඇදල ගත්තට. 😂😂😂මේක කතාවක් නේ😁) කොහොමින් කොහොමහරි මේ සම්බන්දේ හිතුවට වඩා කාලයක් පැවතුනා. බැලූ බැල්මට විහන්සි ජිමින්ට හෙන ලෝයල් වගේ පෙනුනා. ඒ නිසා ජිමින් තීරණය කළා විහන්සිව කොරියාවට අරගෙන යන්න. ඒ එකදාස් නවසිය බර ගණන් වල නෙමෙයි දෙදාස් ගණන් වල. හරියටම කිව්වොත් 2018. විහන්සිත් ජිමින් එක්ක කොරියා යන්න කැමති වුනා. ජිමින්ට මෙච්චරයි කියල නිම කරන්න බැරි තරම් සල්ලි ගොඩක් තිබුන කෙනෙක්. ඉතින් විහන්සිට ආයේ ඒක ගැන දෙපාරක් හිතන්න වුවමනා වුනේ නෑ. එයා ජිමින් එක්ක 2019 අවුරුද්දේ කොරියාවට ආවා. ජිමින් විහන්සිට ඉන්න වෙනම ලොකු ගෙදරකුත් අරගෙන දුන්නා. විහන්සිත් එපා කියල කිව්වේ නෑ පැනපු ගමන් ගත්තා. ඔහොම දෙන්නා සන්තෝසෙන් ආදරෙන් ටික කාලයක් හිටියා. ඒ දෙන්නා ජිමින්ට වැඩ නැති වෙලාවට කොරියාවේ ලස්සන ලස්සන තැන් බලන්න ගියා. ගල් ගැහෙන සීතලේ දෙන්නා එක්ක ගුලි වෙලා අත් අල්ලගෙන එක එක තැන් වල ඇවිද්දා. ජිමින්ට විහන්සිගෙන් තොර ලෝකයක් තිබුනේ නෑ. ඒ තරම් එයා විහන්සිට ආදරේ කළා. හැමදෙයක්ම තාවකාලිකයි කියල එයා දැනගෙන හිටියත් විහන්සිගේ ආදරේ එහෙම නෑ කියලා එයා විශ්වාස කළා.

SENSATION [COMPLETED]Where stories live. Discover now