මන් අමද්‍යපයි 🍷

36 10 18
                                    


ජිමින් පිටට හෙන සීරියස් පොරක් වගේ හිටියට ගොන් ආතල් දෙන්න ජිමින් තරම් දක්ෂ කෙනෙක් මුළු කොරියවටම නැතුව ඇති. විහන්සි කියන්නෙත් ඊට දෙවැනි නෑ. එයාගේ බෝනික්කෙක් වගේ හුරතල්කම තියෙන්නේ එයා කට අරිනකල් විතරයි. කට ඇරියම ඔක්කොම ඉවරයි. ඉතින් මේ දෙන්නා හොඳටම ගැලපෙනවා. දවසක් දා ලංකාවේදී විහන්සියි ජිමිනුයි ඩබල් දාලා ගෝල් ෆේස් එකට ගියා රැල්ල පාගන්න කියල හිතාගෙන. ඒත් ඉතින් මේ ජෝඩුව දන්නේ නෑනේ ගෝල් ෆේස් එකේ රැල්ල පාගන්න බෑ කියල. ජිමින් ඒක දන්නේ නැති එක සාධාරණයි කියමුකෝ ඒත් ඉපදුන දා ඉඳන් ලංකාවේ පල් වුන විහන්සි ඒක දන්නේ නෑ කිව්වම ටිකක් විතර අවුල්. කොහොමහරි ඔන්න දෙන්නා ගියා ගෝල් ෆේස් එකට. ගියාම තමා දැක්කේ රැල්ල පාගන්න බෑ එතන කියලා. දැන් ඉතින් මොකද කරන්නේ! ආපු එකේ වටපිටාවේ හරි ඇවිදිමු කියල දෙන්නම ගෝල් ෆේස් එකේ ඇවිද්දා. රෑ වෙනකන්ම දෙන්නා එක්ක කොළඹ පුරාම ඇවිද ඇවිද ඉඳල අන්තිමේදී ගෙදර එන්න වාහනේට නැග්ගා. වාහනේ ස්ටාර්ට් කරන්න ජිමින් යතුර හොයනවා ඒත් යතුර නෑ. එයා ලංකාවේ ඉන්න ටික දවසට පාවිච්චියට ගන්න වාහන දෙකක් රෙන්ට් එකට අරන් තිබුනා. එදා එයාල ගෝල් ෆේස් ගියේ BMW එකක. මෙයා කලිසම් සාක්කු පුරා හොයනවා යතුර නෑ. අප්පටසිරි දැන් කොහොමද ගෙදර යන්නේ! ඊටත් වඩා මේක ඉතින් රෙන්ට් කරපු කාර් එකක් නේ.

"මොකද වුනේ?" ලෝකේ පෙරලන්න වගේ car key එක හොයන ජිමින්ගෙන් විහන්සි ඇහුවා.

" මාර වැඩේනේ .යතුර නැතිවෙලා!" ජිමින් විහන්සිට කිව්වා.

"මොකක් යතුර නැති වෙලා? දැන් මොකද කරන්නේ? "

"අනේ මන්දා!"

"මේ මන් කියන්නද අපි ආයේ ගිහින් බලමු ODEL එකේදී වත් වැටුනද කියලා." විහන්සි කිව්වා. එයාල හිටියේ ODEL car park එකේ.

"මොංගල්ද ඩාලිං ? මේ සෙනග ගොඩේ අපේ යතුර හොයන්නේ කොහොමද?"

"ඉතින් වෙන මොනවා කරන්නද? ඔයාටත් අනේ සිහියක් නෑනේ. දැන් අපිට බස් එකේ යන්න වෙයිද! අනේ මට නං බෑ බස් හෝල්ට් ගානේ තැප ගෙන ඉන්න. අනික මන් යන්න ඕනි බස් එකවත් දන්නේ නෑ " විහන්සි නෝක්කාඩු කියන්න ගත්තා. යතුර නැති වෙලා ජිමින්ගේ ඔලුව ගිනි අරන් ඉන්නවා මදිවට මෙයත් විකාර කියවනවා. ඒත් ජිමින් බොහොම අමාරුවෙන් ඉවසගෙන හිටියා මොනවා වුනත් එයා ආදරේ කරන කෙනා නිසා.

SENSATION [COMPLETED]Where stories live. Discover now