ඔය තරම් ලස්සනද මගේ ඇස්?

27 9 10
                                    

Two months later.

විහන්සි Jiminගේ company එකේ හුඟක් හොඳට වැඩ කරගෙන ගියා. නිතරම එයාට ඉස්සරහ cabin එකේ හාවා එහෙමත් නැත්තන් Doyoung ව නිතරම මුණ ගැහුනා. ඒ මුණ ගැහෙන හැම වාරයක් ගානෙම විහන්සිගේ හිතේ එයා ගැන තිබුන හැඟීම තව වැඩි දියුණු වුනා. එයාගේ ඒ හැඟීම වැඩි දියුණු වෙන්න වෙන්න එයා තවදුරටත් අසරණ වුන එක විතරයි සිද්ධ වුණේ. මොකද එයා Jiminටත් ගොඩක් ආදරෙයි. Jimin ගැන විහන්සිගේ හිතේ තිබුණ හැඟීම නැති කරගන්න එයාට බැරි වුණා. ඒ වගේම විහන්සිට Jiminව අතාරින්න තරම් හොඳ හේතුවක් පෙනුනේ නෑ.

හැමදාම Doyoungව ඉස්සරහට හම්බ වෙන වෙලාවල් වලදී Wihansee Doyoungගේ හිනාව ඇතුලේ හිර වෙනවා. ඒත් Wihanseeට නිකමටවත් හිතුනේ නෑ අනේ මට Jiminව මුණගැහුනේ නැත්තං, Jimin එක්ක ආදරේක පැටලුනේ නැත්තන් කියල. මොකද ඒ තරමටම Jiminට Wihansee ගොඩක් ආදරෙයි. එතකොට Doyoung ගැන එයාගේ හිතේ තියන මේ හැඟීම මොකක්ද? ඒක ආදරයක් නෙමෙයි ද? මේ ප්‍රශ්න වලට දෙන්න උත්තර එයා ගාව තිබුනේ නෑ.

"Wihansee, මට ඔයා එක්ක කතා කරන්න ඕන. අද හවස ඔයා freeද?" Meeting එකක් ඉවර වෙලා conference room එකෙන් එලියට යනකොට Doyoung Wihanseeගෙන් ඇහුවා.

"හ්ම්.. ඔව් අද පුළුවන්. කොහෙටද මම එන්න ඕනි?" Wihansee Doyoungගේ ඇස් දෙක දිහා බලන ගමන් ඇහුවා.

"ඔය ඔය! අද දවසට ඔයා ඔය මගේ ඇස් දෙක දිහා බලන විසිවෙනි වතාව." Doyoung හිනා වෙන ගමන් කිව්වා. එයා ඒ කියපු එකට විහන්සි හොඳටම රතු වුණා ලැජ්ජාව දරාගන්න බැරුව.'ෂික්! වස නෝන්ඩිය!'

"ආ? මම? නෑ මං එච්චර ඔයාගේ ඇස් දෙක දිහා බැලුවේ නෑ. බොරු කියන්න එපා" විහන්සි අහක බලන ගමන් කිව්වා.

"හරි හරි ඔයා බැලුවේ නෑ." Doyoung Wihansee මේක හින්දා එයා එක්ක තරහ වෙයි කියල හිතල එහෙම කිව්වා.

"දැන් මොනාද ඔයාට මට කියන්න තියෙන්නේ?"

"ඒක මෙතන කියන්න පුළුවන් නම් මං වෙන තැනකට එන්න කියන්නේ නෑනේ"

"ඒකත් ඇත්ත තමා"

හවස ගෙදර ගිහින් විහන්සි wash එකක් දාගෙන ඉක්මනට ලෑස්ති වුණා Doyoungව හම්බ වෙන්න යන්න. එයා චාම් ඒත් ලස්සන ගවුමක් ඇඳ ගත්තා. හවස හය වෙනකොට Doyoung Wihanseeව ගන්න එයාගේ ගෙදරට ආවා. Doyoung ඇඳගෙන හිටියේ කළු පාට ෂර්ට් එකකුයි ඩෙනිමකුයි. ඒ වගේම එයා glassesදෙකක් දාගෙන හිටියේ. Officeදී දකින Doyoungට වඩා හාත්පසින්ම වෙනස් කෙනෙක් තමා එදා වාහනේ ඇතුලේ හිටියේ.

SENSATION [COMPLETED]Where stories live. Discover now