Chapter 4

195 32 13
                                    

J pov :

මම ඇදේ ඉදගෙන magazine එකක් බල බල කල්පනා කරේ මගේ හෙට දවස ගැන.
ශිට්...හිතත්දිත් වමනේ යන්න එනවා..

දැන් ඉතින් අප්පා කොයි වෙලාවේ හරි room එකට එයි අර විකාර project එකේ photoshoot එක ගැන මට කියන්න. මගුලේ photoshoot...😑 ඔය කෙහෙල්මලට ගන්න models ලා නෑ වගේනේ මේ මාව අල්ලන් නටන්නෙ. වෙලාවකට හිතෙනවා හෙට උදේ පාන්දර බීලා බීලා ගිහින් photoshoot එක කරන තැන හොද අඩව්වක් අල්ලන්න...ඒත් අප්පා....මම එහෙම කරොත් මම නටන අඩව්වට අප්පත් ගෙදර ඇවිත් ලස්සනට තාල තියයි.🙂 හොදම දේ තමා දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න එක.

මට දැන් මෙහෙම මාත් එක්කම කතා කරන එක පුරුද්දට ගිහින්. මනෝපාරක් ගහගෙන කල්පනා සාගරේ අතරමං වෙලා හිටිය මාව එකපාරටම ගැස්සිලා ගියේ කව්රු හරි දොර කඩන්න හදන සද්දෙත් එක්ක.

ඩොක් ඩොක්...🚪

🐺- J ඔයා නිදිද...? මම ඇතුලට එන්නද...

අප්පා..?! අපොයි මම හිතුවා විතරයි. අනිවාරෙන් හෙට photoshoot එක ගැන වෙන්නැති කතා කරන්න එන්නේ...

ආහ්....නෑ අප්පා. එන්න ඇතුලට.

අප්පා ඇවිත් මං ගාවින්ම ඉදගන්න ගමන් මගේ අත් දෙකම එයාගේ අත් අතරට මැදි කරගත්තා. අප්පා ආයාචනා කරනවා වගේ මගේ දිහා බලන් හිටියා. මට තේරුනා අප්පා හෙට වැඩෙත් එක්ක ටිකක් නොසන්සුන් වෙලා ඉන්නේ කියලා.

අප්පා....?!

🐺- J, හෙට වැඩේට ඔයා ready ද ?

ම්ම්ම්....ඔව් අප්පා. ඒ ගැන හිතන්න එපා. ඒ හැමදේම හරි.

මම මේ වැඩේට කොච්චර අකමැති උනත් මට මගේ අප්පගෙ හිත රිද්දන්න කිසිම උවනාවක් තිබ්බේ නෑ. ඒනිසා මම හෙට photoshoot එකට මගෙ කැමැත්ත අප්පට කීවා. මට තේරුනා අප්පාට ඒක අහනවත් එක්කම එයාගේ හිත මං ගැන ලොකු ආදරයකින් පිරිලා යනවා. ඒ වගේම ඒ ඇස් සතුටෙන් දිලිසෙනවා.

𝑯𝑬𝑨𝑹𝑻 𝑩𝑬𝑨𝑻  [ Completed ]Onde histórias criam vida. Descubra agora