Chapter 9

141 27 9
                                    

Next day morning

Kuki pov

මම අදත් උදේම නැගිටලා ඔෆිස් යන්න ලෑස්ති උනේ මොන දේ කරලා හරි සේහිගෙන් සමාව ගැනීමේ බලාපොරොත්තුවෙන් වගේම ජෙනී එක්ක කතා කරන්න තිබ්බ ආසාවට. ලෑස්ති වෙලා ටේටේත් එක්කම ඔෆිස් එකට ආවේ අද ටේත් ඔෆිස් එන පලවෙනි දවස නිසා.

ඔෆිස් එක ඇතුලට යනකන්ම මගේ ඇස් කෙනෙක්ව හෙව්වා. මුලු ඔෆිස් එක පුරාවට ම ඇස් ගොඩක් වේගෙන් එහෙ මෙහෙ අරන් ගියේ එයා ඉන්නවද බලන්න. ඒත් මම හෙව්ව ඒ ඇස් දෙක මගේ ඇස් වලට හමුඋනේ නෑ.

🐯- කාවද හොයන්නෙ...?

මම බෙල්ලත් කරක කරක බලපු නිසා ටේට හිතෙන්නැති මම කාවහරි හොයනවා කියලා.

ම්ම්ම්,,, මේ..මම...මම බැලුවේ,

🐯- ආහ්...😏 ජෙනීවද හොයන්නෙ ම්ම්ම් ?

නෑ ටේ...මම මේ බැලුවේ...සේහි

🐯- 😂 සේහි....? ඒක නෙවෙයි මට ජෙනිට කලින් සේහිව හම්බෙන්න ඕනේ කුකී....

ආහ්.....යාහ්....😠 උබනම් ටේ....

මම වැඩ කරන කැබින් එක ලග එලියට වෙලා මායි ටේයි කතා කර කර ඉද්දි එතෙන්ට ආවේ බෝගම්. අද නම් බෝගම්ගේ මූඩ් එක ටිකක් හොද පාටයි. මූනේ පොඩි හිනාවක් එක්කම බෝගම් අපි ඉස්සරහට ඇවිදගෙන ආවා.

🐷- ආහ් ජන්ග්කුක්, අද නම් ඔයාට වැඩ ගොඩක් තියෙනවා. සේහි එන්නෙත් නෑනේ. වැඩ ටික තනියම තමා කරන්න වෙන්නෙ.

මොකක්..? අද සේහි ඔෆිස් එන්නෑද. ඒක ඇහෙද්දි මගේ වගේම ටේගේ මූනත් ටිකක් අදුරු උනා. ඒත් ඇයි ? සේහි එන්නැත්තේ ඇයි ? මොකක්ද හේතුව..? මම බෝගම් දිහා බැලුවේ ප්‍රශ්නාර්ත බැල්මකින්.

🐷- යාහ්...මම දිහා බලන්නේ, මම දන්නෑ සේහි එන්නැත්තේ ඇයි කියලා. හැබැයි එයා අර පොඩි ලමා නිවාසේ පැත්තට යනවා කියලානම් කීවා.

ලමා නිවාසෙට 😳?????

🐷- ම්ම්ම්..ඔව්.

බෝගම් සර් මම ඉක්මනට එන්නම්....

🐷- ඒයි කොහෙද දැන් ඔය දුවන්නෙ.....මේ අහනවා......යාහ්...ජන්ග්කුකා~

𝑯𝑬𝑨𝑹𝑻 𝑩𝑬𝑨𝑻  [ Completed ]Where stories live. Discover now