Chapter 8

153 28 10
                                    

_____________________________

Kuki pov.

මට තේරුනා මම කම්පැනි එකේදි සේහිව මග ඇරපු එකට සේහී ඉන්නේ ටිකක් දුකෙන් කියලා. ඒත් මට ඕන වෙලා තිබුනේ ටිකක් තනියම ඉන්න. මම හිතුවේ නෑ සේහී ඒකට මේ තරම් දුක් වෙයි කියලා.

"මට සමාවෙන්න සේහි. "  සේහි මාව බදාගත්ත වෙලාවේ මගේ හදවත කීවෙම මම සේහිගෙන් සමාව ගන්න ඕනේ කියලා. ඒත් මගේ මොලේ මගෙන් ප්‍රශ්න කරනවා ඇයි ඔයා සේහිගෙන් සමාව ඉල්ලන්නේ කියලා. ඇත්තටම මට නොතේරුනත් මම ඒ වෙලාවේ එයාගෙන් දැනුන ඒ උනුහුමට ගොඩක් ලෝබ උනා. දිගටම ඒ විදියට ඉන්න තිබ්බනම් කියලා හිතෙන තරමටම මට ඒ උනුහුම විදින්න හිතුනා. ඒත් එකපාරම මගේ ඇස් ඉස්සරහා මට මැවිලා පෙනුනේ මගේ ජෙනීව. එයා මගෙන් ගත්ත පොරොන්දුව.

_______අවුරුදු 14 කට කලින්._______

Author note ✒️

ජෙනී කුකීගේ ගෙදර ඇවිත් දැන් දවස් දෙකක් වෙනවා. ජෙනී වගේම කුකිත් මේ ටික දවසට ගොඩක් එකතු වෙලා. ඒ දෙන්නට දෙන්නා නැතුවම බැරි තරමට ජෙනී එක්ක කුකී යාලු වෙලා. ඒ වගේම ජෙනීත් කුකීට ගොඩක් ලං වෙලා.

🦇️- කුකී.......මං ඔයාත දෙයක් කියන්නද ?

🐰- කියන්න ජෙනී....කුකී ඔයා කීන ඕන ම දෙයක් අහනවා.

🦇️- 😊 හිහිහී....මම ඔයාත ගොඩාක් ආදලෙයි. ඔයත් මත ආදලෙයිද...🥺 ?

🐰- අයියෝ ජෙනී...කුකිත් ඔයාත ගොඩක් ආදලෙයිනේ ඉතිම්.

🦇️- ඒනම් පොලොන්දු වෙනවද හැමදාම මට මේ වගේම ආදලේ කලනවා කීලා.

🐰- 😊 ඔව්ව්...පින්කි පොමිස්.  මම ඔයාත හැමදාම මේ වගේම ආදලේ කලනවා. කවදාවත් අමතක කලන්නෑ.

_____________________________________

Back to present and kuki pov :

මම ජෙනීට පොරොන්දු උනා වගේම තාමත් එයාට ආදරෙයි. ඒ ආදරේ අවුරුදු 14 ක් ගියත් පොඩ්ඩක්වත් වෙනස් වෙලා නෑ. ඒක නිසා ජෙනීව මතක් උන ගමන් මම සේහිගේ උනුහුමෙන් ටිකක් ඈත් උනා. මට වගේම සේහිටත් එකපාරම පොඩි ලැජ්ජාවක් දැනෙන්න ඇති කියලා මම හිතනවා. මොකද මම ඈත් උන ගමන් එයාගේ රෝස පාට කම්මුල් ඉබෙටම රතු උනා.

𝑯𝑬𝑨𝑹𝑻 𝑩𝑬𝑨𝑻  [ Completed ]Where stories live. Discover now