chapter 1

329 43 10
                                    

හැමෝටම වගේ යාළුවො ඉන්නවා. නැති අයත් ඉන්නවා. යාළුකම අතර ආදරේ හොයන අයත් ඉන්නවා. යාළුකමට කවුරු කොහොම කිවුවත් තමන් ගැනු ළමයෙක්ද පිරිමි ළමයෙක්ද කියන එක වැදගත් වෙන්නේ නෑ. යාළුකම කියන්නේ යාළුකමට. ඒක කුස ඉපදුනේ නැති උනත් එයාලට පුළුවන් අපේ සහෝදරයෙක් වෙන්න. මටත් ඉන්නවා එහෙම යාළුවො දෙන්නෙක්. ඉතින් මාත් ඔය කියන තරම් වාසනාවන්ත ද දැන ගන්න ආසද?

එහෙනම් කියවලා බලන්න ඒක මගේ වාසනාවද අවසනවද කියලා තීරණය කරන්න වෙන්නේ ඔයාලටම තමා.

.................................................................................

Miso's pov

අදත් වෙනදා වගේම දවසක්. ඒත් ඒක එහෙම වෙන්නේ නැති වෙයි. මොකද මට ඉන්නවා මගේ දවසම මාව සතුටින් තියන්න පුළුවන් නසරාණි යාළුවො දෙන්නෙක්.

මින් යුන්ගී

ජන්ග් හොසොක්

එයාලා තමා මගේ හොදම යාලුවෝ දෙන්නා. යාළුවො කියන්නත් බෑ කොටින්ම කිව්වොත් ඒක කුස ඉපදුනේ නැති උනාට මගේම සහෝදරයෝ දෙන්නක්. අපි හැමදේම කළේ එකට කෑවේ බිව්වේ, ගමන් ගියේ, සෙල්ලම් කළේ, හැමදේම එකට කළේ. මන් කෙල්ලෙක් කියන එක එයාලට ප්‍රශ්නයක් උනේ නෑ. ඒත් ගොඩක් මිනිස්සුන්ට එක ප්‍රශ්නයක් උනා. ඒත් අපිට හොඳ නම් එයාලට මොකද කියන එක තමා යුන්ගි නම් කිවුවේ. හොබිත් ඒකට එකඟ උනා නිසා මාත් එයාගේ ඒ කීමට එකග උනා.

එයාලා මගේ හොදම යාලුවෝ උනත් අපේ නෙවෙයි ඇත්තටම එයාලා දෙන්නගේ අදහස් වගේම හැසිරීම පරස්පර විරෝධී කියලා මට හිතුන අවස්තා ගොඩායි. මොකද යුන්ගි කියන්නේ ප්ලේ බොයි ටයිප් කෙනෙක් ඒත් හොබි එහෙම නෑ. යුන් කියන්නේ ගොඩක් මුරණ්ඩු කෙනෙක් උනත් හොබී එහෙම නෑ කියලා. යූන්ගී දවසින් දවස කෙල්ලෝ මාරු කරනවා කියල ඕනෙම කෙල්ලෙක් දෑනන් හිටියත් එයත් එක්ක දවසකටහරි යාලු වෙන්න ගොඩක් කෙල්ලෝ බලන් හිටියා. මන් හිතන විදිහට එයත් එක්ක යාලු නොවුනේ මන් විතරද කොහෙද. ඒවගේ හිටිය එයත් එක්ක හිටපු මායි හෝබි නම් එහෙම නෑ. අපි දෙන්නා කවදාවත් කාත් එක්කවත් යාලු වෙලා හිටියේ නෑ. අපි නිදහසේ හිටියා. ඒත් අපේ අදහස් නොගැලපෙන එක කවදාවත් අපේ යාළුකම නැති කරන්න තරම් ලොකු හේතුවක් උනේ නෑ.

FRIENDS (COMPLETED) On viuen les histories. Descobreix ara