chapter 5

155 37 10
                                    

එයාව හොස්පිටල් ඒකට අරන් ගියාට පස්සේ එයාව චෙක් කරා එළියට ආපු ඩොක්ටර් එතෙන්ට ඒ වෙනකොටත් ඇවිල්ලා හිටපු යුන්ගිගේ ඔම්මට එයාගේ කැබින් එකට එන්න කියලා. ඔම්මා ඇතුළට ගිහින් විනාඩි ගාණකින් එළියට ආවේ ඇස් වල කදුළු පුරවගෙන මං කලබලෙන් එයා ළගට ගියපු ගමන් එයා මට කිවුවේ මන් හීනෙකින්වත් නොහිතපු දෙයක් නෙවෙයි

" එයාට blood cancer එකක් වැඩි කාලයක් ජීවත් වෙන්නේ නැති වෙයිළු "

එහෙම කියලා අඬන්න ගත්ත යුන්ගිගේ ඔම්මා දිහා මන් බලන් හිටියේ කිශීමන්දේයක් තීම් ගන්න බැරුව වගේ. එයාට එහෙම ලෙඩක් තියෙන්න විදිහක් නැ. තිබ්බාත් එයාලා කොහොමද කියන්නේ මගේ යාළුවා තව පොඩි කාලයක් ජීවත් වෙයි ඉක්මනට මැරෙයි කියලා.

ඒත්

එයාට වෙනදාට වඩා මහන්සි දැනුන විදිහ

වෙනදාට වඩා අමුතු කැස්සක් ආපු එක

කහිද්දී ලේ ආපු එක

එදා කපලා දාපු ගහක් වගේ ඇදගෙන වැටුන විදිහ

ඒ ඔක්කොම එක පෙලට මතක් උන මට ඒ දේ අකමැත්තෙන් උණත් පිළිගන්න උනා ඒත් එක්කම වගේ කදුළු පිහදන් එයා ඉන්න රුම් ඒක ඇතුලට ගියේ ඇතුලේ හිටපු නර්ස් එළියට ආපු නිසා මන් යද්දී දැක්කේ එදා හොබි වගේම ඇදේ දිගා වෙලා ඉන්න කෙනාව

ඒත්

අද ඉන්න කෙනයි ඉන්න විදිහ වෙනස් හොබි හිටියේ oxygen mask එකක් දාලා ඒත් යුන්ගි එහෙම දාලා හිටියේ නෑ හොබි හිටියේ සිහිය නැතුව ඒත් යුන්ගිට සිහිය තියෙනවා. එයා කදුළු පිරුණ ඇස්වලින් මන් දිහා බැලුවා ලේසියකට අඬන්නේ නැති එයා අද අඩනවා එකෙන් මන් තේරුම් ගත්තේ කොච්චර ශක්තිමත් මනුස්සයෙක් උනත් හොඳ කරන්න බැරි ලෙඩක් ඉස්සරහා එයත් අසරණයි කියන එක අපි කාටවත් බෑ සොබාදහමට එරෙහිව යන්න.

" මාව අත ඇරලා දාපන් අලුත් යාලුවෙක් හොයාගන්න හහ් මට ලොකු කාලයක් නෑ "

උබ ඔහොම කිව්වම මන් ඔයාව යාලු කමින් අත අරියි කියලද හිතන් ඉන්නේ.... ආහ් එහෙම වෙන්න මන් මොකෙක් කියලද ඔයා හිතන් ඉන්නේ කිසිම හිතක් පපුවක් නැති මනුස්සයෙක් කියලද.......එහෙම කරන්නේ කොහොමද......යාළුවා නෙවෙයි ඔයා මගේ සහෝදරයා වගේනේ....... මැරෙනවා කියලා දැන දැනත් හුස්ම ගන්න උබ දිහා මන් බලන් ඉන්නේ කොහොමද බං කියන්න මට හැමදේටම උත්තර තිබුන ඔයා ළග මේකට උත්තර නැති වෙන්න බෑනේ.

FRIENDS (COMPLETED) Where stories live. Discover now