chapter 4

136 40 5
                                    

එයා ගිහින් දැනට අවුරුද්දක් වෙනවා. හැමදාම නැතත් පුළුවන් හැමදාම මන් යුන්ගිවත් ඇදගෙන යනවා එයාගේ සොහොන ලඟට ගිහින් අපි දෙන්න කරන හැම දෙයක්ම වගේ කියනවා.

ඔක්කොම දේවල් හොදට කෙරීගෙන ගියත් හොබී නැති අඩුව හොඳටම දැනෙනවා. එයාගේ තැන වෙන කාටවත්ම ගන්නත් බෑ. ඒක එයාගේ විතරයි එයා ජීවතුන් අතර හිටියත් නැතත්. එයා මේ ලෝකේ නැති උනත් අපේ හදවත්වල ජීවත් වෙනවා.

අදත් වෙනදා වගේම මන් ගියේ හොබීගේ සොහොන ලඟට ඒත් තනියෙම. එතන තියෙන වල් පැල ටික අයින් කරලා දාලා. ගෙනාපු මල් ටිකත් තිබ්බේ කියන්න ලොකු දෙයක් තියෙන නිසයි.

" ඔයාට ඔහොම ඔතන තනියෙන් ඉද්දී පාළු නැද්ද මටයි යුන්ගිටයි නම් ගොඩක් පාළුයි ඔයාට ආයෙත් සැරයක් එන්න බැරිද මට ඔයාව ගොඩාක් මතක් වෙනවනේ එන්නකෝ මට තව කියන්න දේකුත් තියෙනවා වෙනදා වගේම අහන් ඉන්නවා නේද ඔයාට මාව කරදරයක්ද නෑ නේද ඔන්න මන් කියනවා එහෙනම් හරිද දැන් යුන්ගි ඉස්සර වගේ නෙවෙයි එය මාත් එක්ක හොදට කතා කරලා ඉන්නවා ඒක ඇත්ත ඒත් එයට ඉස්සරට වඩා දැන් ගොඩක් මහන්සි දැනෙනවා. එයාට ඉස්සර වගේ ගොඩක් වෙලාවක් දැන් බාස්කට් බෝල් ගහන්න බෑ. ඒ ඇයි කියන්න නම් මන් හරියටම දන්නේ නෑ. ඒත් එයාට ඉක්මනට මහන්සි දැනෙනවා. ඉස්සර හිටපු කම්මැලි පූසා තවත් කම්මැලි වෙලා. ඒත් ඒක කම්මැලි කමක් නෙවෙයි. මට බයයි එයත් ඔයා වගේම  මාව දාලා යයි කියලා. ඒත් එයා එහෙම යන්නේ නැති වෙයි නේද හොබ්බෝ. මට තනියෙන් ඉන්න බෑ. එහෙනම් මන් යන්නම් පරක්කු වෙනවා පුළුවන් වෙලාවක ආයෙත් බලන්න එන්නම්කො "

එහෙම කියනව එක්කම එතනින්නෙන්න නැගිට්ටෙ ඇස්වල තියෙන කදුළුත් පිහදාගෙන. මේ දවස්වල යුන්ගිගේ තියෙන වෙනස ඇත්තටම මට හිතා ගන්න බෑ. කමක් නෑ වෙන්න තියෙන දෙයක් වෙයිනේ.

නිකන් ඉන්න ගමන් යුන්ගිට කෝල් එකක් දුන්නේ කම්මැලි නිසා.

" මින් මින් වැඩක්ද "

" ආහ් ඕ වැඩක් ඇයි කියන්න "

" ආහ් එහෙමද නෑ මන් නිකන් ගත්තේ "

" නිකන් ගන්න තමුසේට පිස්සුද ඕයි මන් තියනවා "

FRIENDS (COMPLETED) Where stories live. Discover now