chapter 2

137 39 5
                                    

" යුන්ගී ඇයි මේ "

මගේ කටින් එකපාරටම කියවුණේ එයා හොඳටම තෙමිලා මගේ ගෙදර දොර ඉස්සරහා ඉන්න නිසා. බයික් එකේ ඇවිත් හිටියත් එයා හෙල්මට් දාලා තිබ්බේ නෑ. ඒ නිසා එයාගේ කොන්ඩේ හොඳටම තෙමිලා තිබ්බේ. කොන්ඩේ විතරක් නෙවෙයි ඇදුම් පවා එහෙමයි. යුන්ගී කියන්නේ ලේසියෙන් දෙකට කලබල වෙන කෙනෙක් නෙවෙයි. ඒත් අද එයා හොඳටම කලබල වෙලා කියලා පේනවා ඉන්න විදිහෙන් ඒත් එයාව ඒ තරමට කලබල කරන්න තරම් උනේ මොකද්ද. මගේ හිතේ පළවෙනියට නැඟුණේ ඒ ප්‍රශ්නෙ.

" මිසෝ එන්නකෝ ගමනක් යන්න "

" ඇයි කාටහරි කරදරයක්ද "

" ඕ තව ප්‍රශ්න අහන්න නැතුව ඉක්මනට එන්න "

" ඒත් යුන්ගී දැන් හොඳටම රෑ වෙලානේ ඔම්මා මට එන්න දෙන්නේ නැති වෙයි "

" බෑ ඔයා එන්නම ඕනේ "

" එහෙනම් ඔයා ඔම්මාට කියන්නකෝ මන් ඉක්මනට ඇදුමක් දාගෙන එන්නම් "

ඒත් එක්කම මන් මගේ රුම් ඒකට ගියේ
ඔම්මා කොහොමත් යුන්ගියාට මාව එක්කන් යන්න අවසර දෙන නිසා. මොකද එයාට මගේ යාළුවො දෙන්නා හොඳටම විශ්වාසයි මටත් වඩා. මන් ඉක්මනින් ඇදුමක් දාගෙන එද්දී යුන්ගී හිටියේ දොර ගාව ඔම්මා දිහා බැලුවම එයා යන්න කියන්න වගේ ඔලුවෙන් යුන්ගීව පෙන්නුවා. ඉතින් මාත් එයත් එක්ක ඉක්මනට ගිහින් එයාගේ බයික් ඒකට නෑග්ගා.

" මින් මින් අපි කොහෙද යන්නේ මේ "

" හොස්පිටල් ඒකට "

" හොස්පිටල් එකට ඒත් ඇයි ඒ "

" ගියාම බලමුකෝ "

එතනින් එහාට මන් මුකුත් කියන්න ගියේ නෑ පාඩුවේ ආවා. අන්තිමට අපි හොස්පිටල් ඒක ලඟට ආවා බයික් එකෙන් බැස්ස ගමන් යුන්ගී මට දෙයක් කිව්වා.

" මොන දේ උනත් හිත හයිය කරන් ඉන්න. මන් දන්නවා ඔයාට පුළුවන් කියලා "

" ඒත් ඇයි ඒ "

" ගිහින් බලමු "

මින් මින් ලොකු හුස්මක් හෙළුවා ඒත් එක්කම වගේ එයා මාවත් ඇදෙගෙන හොස්පිටල් ඒක ඇතුලට ගියා. Reception එක ලඟට කෙලින්ම මාව ඇදගෙන ගියපු මින් මින් receptionist ගෙන් අහපු දේ නිසා මට දැනුනේ මගේ කකුල් දෙක පන නැතිවෙලා යනවා වගේ.

FRIENDS (COMPLETED) Where stories live. Discover now