His Purple Lotus 💜️🌷

26 2 6
                                    

•MDZS Fan Fiction•

         💛------💜-------️💛-------💜️--------💛

      වසත් කාලය එළඹෙමින් තිබිණ . Yunmeng හි සාමාන්‍යයෙන් පවතින සුවදායි වූ මිහිරියාව, දෑස් වශී කරවන සුළු සුන්දරත්වය තවත් කිහිප ගුණයක්  වැඩිමනත්ව දැනෙන්නට වූයේ ඒ නිසාම වන්නට ඇත. Yunmeng තොටුපොළ වෙත යාත්‍රිකයක් කිහිප දෙනෙකු රැගත් යාත්‍රාවක් දියත් වෙමින් තිබිණ.

         යාත්‍රාව තොටුපළ වෙත සේන්දූ වූ මොහොතේම අන් සියල්ලන්ටම පෙර ඉන් බැසගත් හෙතෙම ඇය වෙත අත පෑයේ ඒ සුන්දර දෙනයන තුළ පැවති නොඉවසිලිමත් භාවය වටහාගෙනය. ඒ සහයෙන් තොටුපොළෙ හි දැව පාදම මතට ඕ පියවර තැබූයේ ඔහුට සුන්දර සිනහවකින් සංග්‍රහ කරමිනි.

        සෙමින් ඉදිරියට පියවර තබනා ඈ දෙස නෙත් රඳාවාගෙන බලා සිටි හෙතෙම අවුරුදු සතරක් පමණ වියැති සිඟිති පුතු ද අතින් අල්වාගෙන ඇය පසුපසින්ම ඇදුණේය. මදක් දුර ගමන් ගත් ඇය පාදම වෙත ලං ව පිපී තිබුණ සියපතක් දුටූයෙන් එය නෙළා ගැනීමට මදක් පහතට නැවුණාය. ඒ ඇසිල්ලේ ම ඔහුගේ අත ගසා දැමූ කුඩා පුතු දිවගොස් ඇගේ උරහිසට දෑත තබා පසුපසින් ඇයව වැළඳගත්තේය.

            " A Ling !!!......" 💛

          ඔහු සිරුරට බරවන්නට ප්‍රථමයෙන් ඇය පසුපසට නොවන්නට ඒ දඟකාර ක්‍රියාව නිසාවෙන් ඔවුන්  දෙදෙනාම මේ වද්දී ගං දියේ ය. පියාගේ තරවටු හඬට මදක් බිය වුණු සිඟිත්තා මව පසුපස සැඟවී ගත්තේ හොරෙන් ඔහු දෙස බලමින්ම ය. ඔහුව එක අතකින් අල්වාගනම ඇය ⁣සියපත නෙළා ගත්තීය. සිඟිති මුව මතට සියුම් හාදුවක් තබමින් ඇය එය ඔහුගේ කුඩා අත මත රැඳවූවාය . මුව පුරා සිනහවක් නගා ගත් ඔහු සිය පියාටද දිව දික් කර සරදම් කරමින් කඩ විදී දෙසට දිව ගියේය. එයින් දෙ අත ළය මත බැඳගෙන මෙතෙක් වෙලා ඔවුන් දෙස බලා සිටි ඔහුගේ මුවේත් සියුම් හසරැල්ලක් නැගිණ.

    " A Ling... හෙමින්... අපි එනකල් ඉන්න පුතේ...." 💜️

    පුතු දිව ගිය දෙස බලමින් හඬ නගන ඇය වෙත පැමිණි ඔහු ,ඇගේ උරහිස මතින් අත යවා ඇයව ළං කර ගනිමින් කඩ වීදි දෙසට පියවර තැබුවේය. කඩ වීදි ඔස්සේ මදක් ඇවිදිමින් සිට ඔවුන් සියපත් භවන වෙත ළංවද්දි අඩ හෝරාවක් පමණ ඉක්ම ගොස්ය.

Short Stories By THARU 💜️✍️Donde viven las historias. Descúbrelo ahora