💜 නොකියූ පෙමක් 💜

10 1 0
                                    

❤️ කෙටි කතාව ❤️
  
**************************************

    " සුදූ..නැගිට්ටත් එක්කද? පාන්දර වෙනකල්ම ඇහැරන් හිටිය නිසා මම හිතුවේ දැන්ම ඇහැරෙන එකක් නෑ කියලා..."

    මගේ පියවර ගැටෙන හඬ එක්කම පිටුපසට නොහැරීම අම්මා කිව්වේ භාජන වගයක් හෝදන ගමන්.

  " අම්මා ..පොඩි වැඩක් තියෙනවා.මම එළියට ගිහින් එන්නම්.."

  " දැන් කොහේ ය..."

   එහෙම කියාගෙන මගේ පැත්තට හැරුන අම්මා කියන්න ගිය වචන ටිකත් ගිලගෙන මගේ උඩ ඉඳන් පහතටයි පහත ඉඳන් උඩටයි කීප පාරක්ම බැලුවා. වෙනදට කොහේ හරි යන්න අඳින ඩෙනිමයි,ටී එකයි,බාටා කෑලි දෙකයි නැතුව මම හිටියේ සුදු පාට පසුබිමේ චූටි රතුපාට මල් ඉහිරුන විලුඹ ගාවට දිග  කඩාහැලෙන ගවුමක් ඇඳලා, ඉන ගාවට තිබුන දිගු කොණ්ඩය හිස මුදුනේ ඉඳන්ම ගොතලා දාලා, හීනි පටි තියෙන සෙරෙප්පු දෙකකුත් දාගෙන.අම්මට පුදුම ඇති. මොකද සාමාන්‍යයෙන් මගේ ඇඳුම් අතර ගවුම් ,සායවල් කියන ඒවා නැතිම තරම්.

   " පුදුමයි මට..වෙනදට පාටියකට යන්න වුනත් ගවුමක් අන්ඳවගන්නේ මම කොච්චර අමාරුවෙන්ද..කවදද ඕක ගත්තේ..මම දැක්කෙවත් නෑ.."
  
    "අනේ අම්මා.. මට පරක්කු වෙලා.මම ගිහින් එන්නම්..."

   " ගුටි නොකා උදේ පාන්දරම මගෙන් අන්න අරහෙට වෙලා ටිකක් ඉන්න කිරි එකවත් හදලා දෙනකල් ..නැත්තං එයි ගෑස් ගෑස් ගාගෙන..."

   තරවටු හඬකින් යන්න ගියපු මාව වලක්වලා අම්මා එහෙම කියද්දි මම හෙමින් ඇවිත් කෑම කාමරේ මේසෙ පුටුවක් ඇදලා ඉඳගත්⁣තේ නැත්තම් අර කිව්වා වගේ ටොක්කක් හරි කන්න වෙයි කියලා හිතලා..
  
     කෑම කාමරේ ජනේලෙන් එළිය බලාගෙන ඉද්දි ම⁣ට පෙනුනේ ⁣මිදුලේ ටිකක් එහාට වෙන්න තිබුන අඹ ගහා. ඒත් එක්කම මට මතක් වුනේ මේ ගවුම ලැබුණ විදිය.

***************************************
 
      මම හිටියේ අඹ ගහේ නැගගෙන එක අත්තක ඉඳගෙන බාගෙට  ඉදුණු අඹයක් කන ගමන්. එතකොට මං දැක්කේ ගේට් එකක් ඇරගෙන අතේ මොකක්හරි පාර්සලයකුත් අරගෙන එන යසා අයියව.මම යසා යසා කිව්වට එයාගේ ඇත්ත නම යශාන්. මම ඉතින් සන්ධි, විසන්ධි කරලා යසා අයියා කියලා තමයි කතා කලේ .. අපේ අල්ලපු ගෙදර තමයි ඉන්නේ. වඩා අවුරුදු දෙකක් වැඩිමල් වුනාට එයාලා ඔය ගෙදරට ආපු දවසේ ඉඳන්ම අපි දෙන්නා හොඳම යාළුවෝ .
  
       මම ගහ උඩ ඉඳන් සද්ද නැතුව ඉද්දි එයා ගේ ඇතුළට ගිහින් මාව හොයලා, නැති තැන අම්මගෙනුත් මම කොහෙද අහනවා . මට හිනා ඉතින්.

Short Stories By THARU 💜️✍️Where stories live. Discover now