සිඳුණු පියාපත් 🖤

4 1 0
                                    

කෙටි කතාව

••••••••••••••••••••••••••••••••••••••••••••

    " දෝණි.. හෙට ලොකු අක්කලා එනවා..සීතාටත් කීවා මං.. හැමදේම සුනංගු නොවී පිළිවෙලක් කරලා තිබ්බානම් කාට කාටත් ලේසි.."

   සුදු පැහැ තීන්ත ආලේපිත  ජනේලයේ යකඩ කූරු අතරින් පෙනෙන සාත්තු සාප්පායමක් නැතිව වල් වැදී ගිය රෝස පඳුර දෙස දෑස් හෙලා කල්පනා ලොවක අතරමංව සිටි මා පියවි ලෝකයට ආවේ ඒ උස් හඬත් සමඟින්. වල් වැදුණු රෝස පඳුර..සැබවින්ම මගේ ජීවිතයත් ඒ වැනිම නොවේද?.. මාගේ කට කොනකට සිනහවක් නැගුණේ මාගේ ජීවිතය උදේසාමයි. සමච්චල් සහගත, උපහාසාත්මක ඒ සිනහව මම විසින් මා උදෙසාම නැගූවකි.

   " අැහෙනවද .. ඔය මුරණ්ඩුකම පැත්තකින් තියලා අප්පච්චිගේ යස්සයා ආරූඪ නොකර කීව දේ කරා නම්.."

   ඒ වදන් වල තිබුණේ ඉල්ලීමක්, දැන්වීමක් නොව සම්පූර්ණයෙන්ම විධානයක්ම පමණයි. මේවා මා හට නුපුරුදු දේවල් නොවේ. මා  හට මතක ඇති කාලයක සිටම අසන්නට ලැබුණේ විධානයක්ම පමණයි. සත්තකින්ම මා මොවුන්ගේ රූකඩයක්ම පමණක් වීමි.

   දුනීශා ස්වර්ණහංසි වාසුන්දර එහෙමත් නැතිනම් වාසුන්දර වලව්වේ සුදු මැණිකේ වන මා කුඩා කල සිටම හැදී වැඩුනේ දැඩි නීති රීති මධ්‍යයේයි. වලව් මාන්නෙන් හිස උදුම්මාගත් විහාරා ලොකු මැණිකේ වන මාගේ මවත්, අතිශය දරඳඩු ගති පැවතුම් ඇති බණ්ඩාර ලොකු හාමු වන මාගේ අප්පච්චිත් මගේ ජීවිතය සම්පූර්ණයෙන්ම පාලනය කලේ ඔවුනට ඕනෑ පරිද්දෙනි. අවුරුදු විසි අටක පරිණත වයසක සිටියද මට මාගේ ජීවිතය පිළිබඳව කිසිදු තීරණයක් ගැනීමට තවමත් අයිතියක් නැත.

    " වලව්වේ නම්බුව විනාස කරන්නද උඹට ඕන.. ඔය රැස් පැත්තක දාලා හෙට හවස් වෙද්දි හැමදේම ලෑස්ති කරලා තියනවා."

    මාගෙන් පිළිතුරක් නැති තැන මා අසලට පැමිණි මාගේ මව දරදඬු  හඬින් මට තර්ජනය කලේ ජනේලයෙන් එපිට බලා සිටි මගේ උරහිසෙන් අල්ලා ඇය දෙසට හරවා ගනිමිනි. හිස මදක් සලා මා එයට එකඟවෙද්දි බර අඩි තබමින් ඇය මාගේ නිදන කාමරයෙන් පිටවූයේ ඇගේ පියවර අනුව එකට එක වදිමින් සෙලවෙන වලව්වේ යතුරු කැරැල්ලේ හඬ වලව්වේ රජයන මූසල නිහඬ බව මැදින් මගේ සවනත වැකෙද්දි.

Short Stories By THARU 💜️✍️Where stories live. Discover now