කයිරී 🖤

14 1 0
                                    

🌹 කෙටි කතාව🌹

¥¥¥¥¥¥¥¥¥¥¥¥¥¥¥¥¥¥¥¥¥¥¥¥¥

  " රජතුමාගේ තත්වය එන්න එන්නම අසාධ්‍ය වෙනවා... මේ තාක් දුන්නු කිසිම ඖෂධයකින් එතුමාට කිසිම සුවයක් නැහැ.. ඒරන්...මට තේරෙන්නේ නැහැ මොනවා කරන්නද කියලා...."

   " මට සමාවෙන්න රැජිණියනි.. ඩෙවනෝර් රාජධානියේ කිසිම ඖෂධයකින් එතුමාව සුව කරන්න නොහැකි වුනා..."

   " ඒරන්.. ඔබයි රාජ්‍යයේ දක්ෂම වෛද්‍යවරයා.... කිසිම ක්‍රමයක් නැද්ද ... මොන ම ඔෟෂධයක්වත් ඉතුරු වෙලා නැද්ද ?...."

  රැජිණියගේ දුක මිශ්‍ර වෙව්ලන සුළු ස්වරය ඒරන්ගේ හදවත තුළ ඇති කලේ කනගාටුවක් . රජුගේ අසනීපයත් සමඟම ඩෙවනෝර් රාජධානිය අස්ථාවර ⁣වීම වළක්වා ගන්න රැජිණිය දරන්නේ මහත් පරිශ්‍රමයක්. ඒත්  රජුගේ තත්වය එන්න එන්නම ආසාධ්‍ය බවට පත්වීම ඈව බොහෝ සේ පීඩාවට පත් කලා.

   " එකම එක ක්‍රමයක් ඉතුරු වෙලා තියෙනවා රැජිණියනි... කොයි තරම් දුරකට සාර්ථක වේවිද දන්නේ නැහැ.. මම එය දැනගත්තේ පරණ මායා පුස්තකයකින්...."

   " අපිට උත්සහා කරන්න පුළුවන් ඒරන්.. කරුණාකරලා ඒක කියන්න.. උත්සහායක් ගත්තට වරදක් නැහැනේ.. අනික මට මගේ ස්වාමියාට මියයන්න දෙන්න බැහැ...."

   රජු නිදා සිටින සයනයේ කොනක වාඩි වී රැජිණිය පැවසූයේ කඳුළු පිරුණු දෑසින්.. ඒරන් රැජිණිය අසලට ලංව සිහින් හඬකින් යමක් පැවසුවේ එය අසා රැජිණියගේ දෑස් විමතියෙන් විසල් වෙද්දියි.

    " ඒරන්... එයින් හැකිවේවිද රජුව සුව කරගන්න... ඒත් වසර ගණනාවකින් කිසිම අයෙක් ජීවත් වන බවට සළකුණක් වත් නැහැ... "

   " මායාවී ශක්තිය ඉතාම බලවත් රැජිණියනි... අපි උත්සහා කරමු සොයාගන්න.. ඒත් අපි ඩෙවනෝර් මායා වළල්ලෙන් පිටතට අයෙකු යවා පිරික්සා බැලිය යුතුයි..."

    " සාමාන්‍ය අයෙක් යවන්න බැහැ ඒරන්.. විශ්වාසවන්තයෙකු වගේම ඔහු ධෛර්යමත් වගේම රාජ්‍යට ලැදි අයෙකු වුනොත් අපිට බලාපොරොත්තුවක් තබාගත හැකියි..."

   රැජිණියගේ වදන් සමඟ සුළු මොහොතක කල්පනාවකට වැටුණු ඒරන් එයින් පසුව කතා කලේ උද්යෝගිමත් හඬකින්.

Short Stories By THARU 💜️✍️Where stories live. Discover now