CHAPTER 1

735 71 27
                                    

"කම්සාම්නිදා ඩොක්ටර්....කම්සාම්නිදා... මගේ මහත්තයව බේරලා දුන්නට..."

හැමදාම වගේ අදත් නොසෑහෙන්න ස්තූතී මැදින් මන් හීන් හිනාවක් එක්කම මගේ රූම් එකට ආවේ පැය ගාණක් පුරාවට මනුස්ස ජීවිතයක් එක්ක ඔට්ටු වෙලා දැනුන මහන්සිය යන්තමට හරි නැති කරගන්න..

සුව නොවුන තුවාලෙක වේදනාව පපුව පුරා ආයෙමත් ඇදුම් දෙන්න ගන්නකොට මම එහෙමම පුටුවට බර වුනේ කල්පනා සාගරයක ගිලෙන ගමන්..

මම ලී ජොන්ග් සක්..ලේ මස් නහර එක්ක සෙල්ලම් දාන මනුස්සයෙක්.. දවස පුරාම දුක් අඳෝනා මැද්දේ ජීවත් වෙන මනුස්සයෙක්.. මගේ නොවන පිටස්තර අයගේ නිර්වචනෙට අනුව නම් මම, කරන කිසිම operation එකක් වරදින්නේ නැති අති දක්ෂ ශල්‍ය වෛද්‍යවරයෙක්.. සමහර මිනිස්සුන්ට දෙවි කෙනෙක් සමහර වෙලාවට සුර දූතයෙක්.. ඒවගේම මම කාලකණ්නි හොර දොස්තරයෙක් උනු අවස්ථාත් නැතුවම නෙමෙයි..

°
°
°
°
°

ඒත් මට අනුව මගේ ජිවිතේ බාගෙට පාට කරපු චිත්‍රයක්.. මම, චිත්‍රය සම්පූර්ණ වෙනකන් බලාගෙන ඉන්න පරාජිත ප්‍රේමවන්තයෙක්.. මම සාර්ථක වුණා හැම පැත්තකින්ම ඒත් ආදරෙන් පරාද වුනා...

ආදරේ අඳුන ගෙන මගේ ආදරේට ළං වෙනකොටම එයා මගෙන් අහේතුකව වෙන් වෙලා ගියේ අවුරුදු හයක් තිස්සේ උත්තර නැති ප්‍රශ්න වැලකට උත්තර හොයන එක මට භාර කරලා.. එදා ඉදන් අද වෙනකන් බාගෙට පාට කරපු චිත්‍රෙකුයි උත්තර නැති ප්‍රශ්න පත්තරේකුයි එක්ක මම තනි වුණා..

කල්පනා ලෝකෙක ගිලිලා හිටපු මම ආයේ පියවි සිහියට ආවේ හදියෙම children ward එකට යන්න ඕන කියලා මතක් වුන නිසයි.. කෝට් එකත් දාගෙන මම ඒ පැත්තට ගියේ මොහොතකට හිතේ තිබ්බ ප්‍රශ්න අමතක කරලා අනික් අයට හැමදාම පෙන්නන මගේ ව්‍යාජ හිනාවත් මූනට අරගෙනමයි...

වෙනදා වගේම හරිම කාර්‍යබහුල දවසක්.. කලබලෙන් එහෙට මෙහෙට දුවන මිනිස්සු මැද්දෙන් මම ගියේ 1st floor එකේ තිබුණ children ward එකට... අම්මලා තාත්තලගේ කඳුළු වලින් ඒ වෝඩ් එක හැමදාම පිරිලා.. ඒ අතරේ මගේ ඇස් වලට හම්බුණේ හොඳට දැකලා පුරුදු රූපයක්...


Gone With the Wind || [COMPLETED]Where stories live. Discover now