CHAPTER 6

240 60 26
                                    

Author's Pov

පැය දින සති වශයෙන් කාලය ඉගිලිලා ගියේ ඊයක වේගෙන්.. කාලයත් එක්කම බිඳුණු කැඩුණු හදවත් නුත් සුවපත් වෙනව නම් කොච්චර හොඳද.. තමන් ආදරය කරන කෙනා ලෙඩ ඇඳක දුක් වි‍ඳිද්දී.. දරුවෙකුත් බලාගෙන තව සිය ගණනක් මිනිස්සුන්ගේ දුක් අඳෝනා අහන ගමන් ජොන්ග් සක් ගෙවන ජීවිතේ ගැන විස්තර කරන්න වචන මදි..

හේසෝ දවසෙන් දවස ගතෙන් වගේම හිතෙන් එන්න එන්නම දුර්වල වෙනකොට කොල්ලා විඳපු දුක මෙච්චරයි කියලා කියන්න බෑ.. තමන් ආදරය කරන කෙනා ඇඳක් උඩට වෙලා මරණෙත් එක්ක සටන් කරන කොට මරණෙ පෙනි පෙනී ජීවත් වෙනකොට ඒ පිරිමි හිතට උනත් මේවා දරාගෙන ඉන්න එක ලේසි නැහැ..

ටිකක් සැනසෙන්න තිබ්බා හේසෝ වේදනාව අස්සෙන් ටිකක් හරි හිනා වුනානම් ජීවත් වෙන්න යන්තම් හරි බලාපොරොත්තුවක් තියාගෙන ඉඳියනම් ඒත් වෙනදා උඩ පැනලා දඟලලා කෑ ගහන කෙල්ල අද ඇඳකට වෙලා බලාගත්තු අත බලාගෙන ඉන්නකොට... තවත් ජීවත් වෙන්න ඕන නැහැ කියනකොට ඒ පිරිමි හිතට උනත් මේ දේවල් දරාගන්න ගොඩක් අමාරුයි....

එහෙන් සූහි පැටියා අහන ප්‍රශ්න..

"අප්පා ඔම්ම කතා කරාද...."

"ඔම්මා එනවා කිව්වද...."

"ඔම්මට සූහි බබා නැතුව පාලුයි කිව්වද..."

"ඔම්මා සූහි බබා එක්ක තරහ වෙලාද...."

ඔය වගේ තොරතෝංචියක් නැතුව අහන ප්‍රශ්නවලට බොරු කියන එකත් කොල්ලට දැන් වෙනදා වගේ ලේසි නෑ. කලින් හේසෝ කොහේ මොනවා කරනවද කියලා දන්නේ නැතුව මවාගත්තු චිත්‍රයක් ගැන සූහිට විස්තර කරපු ජොන්ග් සක්ට දැන් ඒක කරන්න අමාරුයි...

මොකද දැන් හො‍ඳටම දන්නවා හේසෝ ඉන්නේ කොහෙද මොනවද කරන්නේ මොන වගේ ජීවිතයක්ද ගත කරන්නේ කියලා.. ඒත් ඒ හැමදේටම වඩා හාත්පස වෙනස් දේවල් ගැන මවපු කතාවක් සූහිට කියන එක කොයිතරම් නම් අමාරුද කියලා සැරෙන් සැරේ ඒ හීනි ඇස් වල මතු වන කඳුළු වැල් හොඳටම කියා පානවා...

"ඩෝචියා දැන් මොකක්ද කරන්නේ..."

ජොන්ග් සක් ඉඳියේ හේජින් ගේ උරහිසේ ඔලුව තියාගෙන.. විඩාබර ජීවිතේ දැනෙන මහන්සිය කොල්ලා යන්තන් හරි නිවාගන්න හේජින් එක්ක දුක කියලා... අදත් ඒ වගෙ දවසක් එන්න එන්නම දුර්වල වෙන හේසෝ දිහා බලාගෙන ඉන්න බැරි තැන තමයි ජොන්ග් සක් හේ ජින්ව හොයාගෙන ආවේ...

Gone With the Wind || [COMPLETED]Where stories live. Discover now