"සූහියාහ්....ඉක්මනට ලෑස්ති වෙන්න.. අද ඔම්මා බලන්න යන්න ඕන.."
"යාහ්.. ඉන්න ඉන්න... ඉතින්.. මන් එන්නම්..."
"ඉක්මනට පහළට එන්න.. පරක්කු වෙන්න බෑ.."
සූහිටත් එහෙම කියලා මම ගියේ කාමරේට ඒ හේසෝව බලන්න යන්න තිබ්බ ගමනට බඩු ටික ලෑස්ති කරගන්න...
"හ්ම්ම්ම් තාම සුවඳයි.."
කබඩ් එකේ කොනකට වෙන්න පරිස්සමට නවලා තිබුණ හේසෝගේ ඇඳුමක් අරන් මන් සුවඳ බලන්න ගත්තේ පුරුද්දට වගේ...
"හේසෝ අපි දෙන්නා එනවා ඔයාව බලන්න ටිකක් ඉන්නකෝ..."
"අනේ මන්දා මේ බඩු මන් කොහේ තිබ්බද කියලා මතකත් නෑ අප්පා..."
"හේසෝ අර අපි කෑම පැක් කරන ලොකු බකට් එක කොහෙද තිබ්බේ මට මතක නෑනේ..."
"ආහ් හරි හරි මන් ඒක කාර් එකට දැම්මනේ උදෙන්ම..."
"අයිගෝ... මගේ කළු පාට කෝට් එක කොහෙද හේසෝ..."
"ම්ම් මතක නෑනේ... කොහෙද තිබ්බේ.. ආශ් හරි හරි ඒක හෝදන්න දැම්මනේ...."
"ම්ම් තා ටික වෙලාවකින් අපි ඔයා ළඟ හේසෝ... අද නම් ගොඩාක් වෙලා ඉන්නවා..."
පුරුදු විදියටම කතා කර කර මන් මගේ වැඩ ටික කරගෙන පහළට යනකොට මෙන්න එක්කෙනෙක් ඉන්නවා කාර් එකට නැගලා බුම්ම ගෙන..
"දැන් කවුද දන්නෑ කෑ ගැහුවේ නේහ්..."
"යාහ් හරි හරි චුට්ටයි නේ පරක්කූ..."
"චුට්ට තමයි යන් යන් ඉක්මනට ඔම්මට පාලුත් ඇති..
වාහන එකින් එක පහු කරගෙන අන්තිමට අපි දෙන්නා නැවතුණේ ලොකු ගේට්ටුවක් ගාව.. බඩු ටිකත් අරන් car එකෙන් බැහැලා අපි දෙන්නා ඇවිදගෙන ගියේ චෙරි බ්ලොසම් මල් වැටුණ පුංචි පාරක් දිගේ.. වටපිටාව හරිම නිහඬයි... අවුරුදු හයක විතර ඉඳන් මේ නිහඬ පරිසරයට මම පුදුම විදියට ආදරේ කරන්නේ.. ඒක හරියට සුන්දර ඇබ්බැහියක් වගේ..
අන්තිමට අපි ළං වුණේ මල් වලින් පිරුණු ලස්සන චෙරි බ්ලොසම් ගහක් ළඟ.. ඊට යටින් තිබුණේ පොඩි ස්මාරකයක්.. ඒක මත මගේ හේසෝ හිනා වෙවී ඉන්න පින්තූරයත් එක්කම ඊට යටින් කොටලා තිබ්බ අකුරු පේළිය දිහාවට ඇස් ගියේ පුරුදු විදියටමයි...
YOU ARE READING
Gone With the Wind || [COMPLETED]
Fanfictionදෛවය හරි පුදුමාකාරයි වටින මහ ගොඩක් දේවල් අහිමි කරලා ජීවත් වෙන්න... එකම එක පුංචි බලාපොරොත්තුවක් විතරක් ඉතුරු කරනවා.. 💛💚 ජීවිතේ දකින්න, 💐 ☘ ️ලැබීම් පැත්තේ ඉඳන් නෙමෙයි ☘️ ....නොලැබීම් පැත්තේ ඉඳන්.... ජීවිතේට ආදරේ කරන හැටි කව...