CHAPTER 2

301 60 31
                                    

දින සති ගෙවිලා ගිහින් මාසයකටම ළංවුනේ මටත් නොදැනීමයි.. මේ ටික කාලෙට මගේ ජීවිතේ නම් වෙනස්කම් ගොඩක් උනා.. හැමදාම වගේ ව්‍යාජ හිනාවක් මූනේ තියන් ඉන්න මම දැන් මහ හයියෙන් හැමදාම වගේ හිනා වෙනවා.. ඒකාකාරී hospital life එක දැන් මට ගොඩක් රසවත් ඒ වෙන කිසිම හේතුවක් හින්දා නෙමෙයි.. ඒ සූහි හින්දා..

එදා හේසෝව ආයෙමත් හම්බුන දවසේ ඉඳන් සූහී පැටියා ඔහේ ගලාගෙන ගියපු මගේ ජීවිතේට අලුත් රසයක් එකතු කරා.. කොයි වෙලේත් මගේ angel doll ගාගෙන මගේ පස්සෙන්මයි.. ඇරපු අතක් නෑ අම්මා වගේමයි.. දැනුත් මට කලින් වගේ තනියෙන් යන්න පුළුවන් washroom එකටයි theatre එකටයි විතරයි..














ඒත් හේසෝ, එයා උත්සාහ කරන්නෙම මගෙන් හැංගෙන්න.. මට ඒකට හේතුවක් දැන ගන්න ඕන උනත් ඒකටවත් හේසෝ මට කවදාවත් ඉඩක් දෙන්නේ නෑ.. එයා හැමදාම කරන්නේ මං දකින කොට පැනලා යන එක...

සූහි හැමදාම දවල් දවසෙම ඉන්නේ මාත් එක්ක hospital එකේ.. මුලින් නම් හේසෝ ටිකක් අදිමදි කලත්.. මේ පුංචි බටු ඇටේගේ කටත් එක්ක හේසෝට හැරෙන්න වත් බෑ..

ඒත් මට තවමත් සූහිගේ අප්පා ගැන කිසිම දෙයක් දැන ගන්න ලැබුනේ නෑ අඩුම තරමේ මම එයාව මේ ටික කාලෙට දැක්කෙවත් නෑ.. සූහි හැමතිස්සෙම කිව්වේ ඔම්මා අප්පා එනකන් බලන් ඉන්නවා කියලා විතරයි. මොන දේ උනත් සූහි නම් දැන් මගේ.. ඔව් මගේ වගේ තමයි.. වෙලාවකට මට හිතෙනවා මට හේසෝගේ ජීවිතේන් තව අවස්ථාවක් තියෙනවදෝ කියලත්.. ඒත් මට බයයි මම ඉස්සර උනොත් කලින් වගේ හේසෝ සූහි පැටියවත් අරගෙන ඈතකට යයි කියලා..

මම ලෝබයි මගේ සූහි පැටියව මගෙන් ඈත් කරගන්න ඒක හින්දා එයාගෙන්ම මගේ ප්‍රශ්න වලට උත්තර ලැබෙනකන් බලන් ඉන්න මම තීරණය කළා..

"Angel මොකෝ කරන්නේ.."

"ආහ් මුකුත් නෑ සූහියා.. අද නම් late ඔයා හොඳේ.."

"අයිගෝ හරි හරි වදේ... මේ ඔම්මත් එක්ක බෑනේ.. එයා තමා ඔන්න late වුනේ.."

"ආහ් එහෙමද එහෙනම් ඉතින් ඔම්මට punish කරන්න වෙනවා.."

"යා..හ් angel ලා එහෙම කරන්නේ නෑ.."

"ඕඕ අරස්සෝ අරස්සෝ.. මට තේරුනා ටීචර්.."

අදත් පරණ පුරුදු විදියටම... චූටි ටීචර් පොඩි බෑග් එකකුත් උස්සගෙන ඇවිල්ලා කියවිල්ල පටන් ගත්තා.. මේසේ උඩට නැගගෙන බෑග් එක ඇතුලේ තියෙන එක එක බඩු ජාති එළියට අදින සූහි දිහා මන් බලන් ඉදියේ සූහියා ඇත්තටම මගේ දරුවෙක් උනානම් කොච්චර හොඳද කියලා හිතන ගමන්...

Gone With the Wind || [COMPLETED]Where stories live. Discover now