💙 I'm Sorry Don't Leave Me 💙

1K 154 16
                                    

.
_______ Kim Junkook P O V _______
.

.

" අනේ හියුන්ග් ... මට සමාවෙන්න ... මාව දාලා යන්න එපා හියුන්ග්.. 😭 ... මට සමාවෙන්න දෙයියනේ .. මට සමාවෙන්න ..... මං ආය එහෙම කරන්නෙ නෑ මගෙ හියුන්ගී... මට ඔයාව ඕනේ ..... 😭 මං වැරදියටයි ඔයා ගැන හිතුවේ... ඒකයි මං කිව්වේ තවත් ඔයාට ආදරේ කරන්නේ නෑ කියලා.. ඒත්, ඒක ඇත්ත නෙවෙයි මගෙ හියුන්ගී... මම මේ ලෝකෙ ආදරේ කරන එකම කෙනා ඔයයි හියුන්ග්... ඒත්... මම අර ගෑණි පෙන්නපු දෙවල් වලින් පිස්සු වැටිලා හිටියේ... මට සමාවෙන්න ..  😭 මට මගේ හියුන්ග්ව විශ්වාස කරන්න තිබුනා..... මට ඔයා කියපු දේවල් වලට ඇහුන්කන් දෙන්න තිබුනා... මං වැරදී හියුන්ග්..
අනේ එක පාරක්... එකම එක පාරක්... 😭 මට අවස්තාවක් දෙන්න රත්තරං .... මං ආය කවදාවත් ඔයාව රිද්දන්නෙ නෑ ..... අනේ ඇස් ඇරලා මගෙ දිහේ බලන්න හියුන්ගී..... Please Hyung .... Please .....😭 "

මැශින් ගොඩකුයි , බට ගොඩකුයි වට කරගෙන... ඇදක් උඩට වෙලා ... මාසයක් තිස්සෙ ඇස් දෙක පියාගෙන ඉන්න මගේ හියුන්ගෙන් මං නැගිටින්න කියලා ඉල්ලුවත් ....තවමත් එයා නොසොල්මන්...

මාසයක් තිස්සෙ කොච්චර දේවල් හියුන්ට කිව්වත්... එයාගෙන් මට ප්‍රතිචාරයක් ලැබුනෙ නෑ...... මට තියා... එයාට දෙන බෙහෙත් වලටවත් ප්‍රතිචාරයක් නැහැ කියලයි Doctors ලා කියන්නේ... 😖

මේ සේරම මගේ වැරදී... මට පණ වගේ ආදරේ කරපු... මගේ ටේහියොන් හියුන්ග්ව මට විශ්වාස කරන්න බැරි උනා...
ඇයි ඒ... ඇයි මං එච්චර මෝඩ උනේ...
කොහෙවත් යන ගෑණියෙක් නිසා.. මගේ අහිංසක හියුන්ගිව මං කොච්චර රිද්දුවද... ඇයි මං එහෙම පව්කාරයෙක් උනේ... ඇයී... 😭😣

මේ සේරම දේවල් සිද්ද උනේ එදා..... ලස්සන පවුල් ජීවිතයක් ගත කරපු.. අපි දෙන්නගෙ ආදරේට... හෙන ගැහුවෙ එදා... එයාගෙ පණටත් වඩා මට ආදරේ කරපු මගේ හියුන්ගිව මෝඩයෙක් වගේ රිද්දන්න පටන්ගත්තෙ එදා.... අපේ හැම හීනයක්ම , හැම බලාපොරොත්තුවක්ම , හැම සතුටක්ම , ගුලිකරලා පුච්චලා දැම්මෙ එදා....
එදා ඒ ගෑණිව දෙපාරක් නොහිතා මරලා දැම්මනම්... අද මගෙ හියුන් ඇදක් උඩට වෙලා.. මෙහෙම ජීවිතයත් මරණයත් අතර සටන් කරන්නෙ නෑ... එහෙනම් මට හිරේට ගිහින් හරි හිතේ නිදහසෙන් ඉන්න තුබුනා... මම මෝඩයෙක්.... ඒ ගෑණි කියපු හැමදේම ගොනා සේ පිළිගන්න තරම් ඇයි මං මෝඩ උනේ... මං කොච්චර එහෙම අන්ධයෙක් වගේ වැඩ කරේ... 😖

💙 𝐈'𝐦 𝐒𝐨𝐫𝐫𝐲 , 𝐃𝐨𝐧'𝐭 𝐋𝐞𝐚𝐯𝐞 𝐌𝐞 💙 || VҜØØҜ  [ᴄᴏᴍᴘʟᴇᴛᴇ]Where stories live. Discover now