Part 1

393 91 20
                                    

"යා.. හෝබියා..... නිදාගන්න දෙන්නකු අලේ..."

ටේ මේ කෑගහන්නෙ එයාව උදේ පාන්දරම කොලේජ් එක්කන් යන්න ආපු එයාගෙ හොදම යාළුවට. ඒත් ඉතින් කොල්ලා තාමත් පස්ස උඩ දාන් නිදි..

"යා ටේටේ නැගිටින්නකෝ.. අද කොලේජ් යන්නෙ නැද්ද ?"

"අනෙහ්..."

"යා ටේ නැගිටිනවා... නැත්තන් හලනවා වතුර බාල්දියක් හරිද "

හෝබිගෙ ඒ තර්ජනේටනම් ඇදේ පෙරළිගෙන හිටපු ටේහියුන්ග් බය උනා. මොකද ටේට කිසිම උවමනාවක් තිබ්බෙ නෑ උදේ පාන්දරම සීතල වතුර එකකින් නාලා කොලේජ් යන්න.

"විනාඩි දහයක් දෙන්න හෝබියෝ..."

කියලා ඇදෙන් පැන්න ටේ කෙළින්ම දිව්වෙ වොශ් රූම් එකට. හෝබි ටේගේ ඇද හදන්න ගත්තෙ ටේගේ මේ හුරතල් වැඩ වලට හිනා වෙන ගමන්.
.
.
.
.
.

"මන් හලී... අපි යමූ..."

ටේ ඇදුමකුත් දාගෙන පල්ලෙහාට එද්දි හෝබි හිටියෙ සෝෆා එකේ වාඩි වෙලා.

"හරි යන්..."

හෝබියි ටේයි දෙන්නා ඉස්කෝලෙට ආවෙ හෝබිගෙ කාර් එකේ. ආපු ගමන්ම ටේ හෝබිවත් ඇදන් කෙලින්ම කැන්ටිමට ගියේ මොනා හරි කාලා බඩ කට පුරව ගන්න.

උදේ තිබ්බෙ ඉංග්‍රීසි ලෙක්චර් එකක්. ඒ නිසා දෙන්නම කාලා ලෙක්චර් එකට ගියා.

ඉන්ටවල් එකෙන් පස්සෙ හෝබිටයි ටේටයි වෙන් වෙන්න වෙනවා. හෝබි කරන්නෙ ඩාන්සින්, ටේ කරන්නෙ මියුසික්. ඒ නිසා කාලා ඉවරවෙලා ඒ දෙන්නා වෙන්වෙලා තමන්ගෙ ලෙක්චර්ස් වලට ගියා.

මේ දෙන්නට කොලේජ් එකේ ඕන තරම් යාළුවො හිටියා. විශේෂයෙන්ම ටේටෙ. කොලේජ් එකේ කා අතරත් ජනප්‍රිය දෙන්නෙක් තමයි මේ දෙන්නා. ඒකට ලොකු හේතුවක් උනේ මේ දෙන්නගෙ පෙනුම.

මේ දෙන්නගෙ පෙනුම හින්දා ටේටයි හෝබිටයි කෙල්ලො කොල්ලන්ගෙන් නම් අඩුවක් තිබ්බෙ නෑ. ටේගෙ හිත හොද වැඩි හින්දා නැට්ටිච්චියන්ව බෙල්ලෙ දාගන්න හදපු කීප පාරක්ම එයාව බේරගන්න උනේ හෝබිට.

After College..

වෙනද වගේම ටේයි හෝබියි කොලේජ් ඉවර වෙලා එළියට ආවා.

Dҽαɾ ɳσ σɳҽ 🔥💫حيث تعيش القصص. اكتشف الآن