Part 4

152 57 29
                                    

Tae P.O.V.

ඇයි සැරෙන් සැරේ මෙහෙම මගේ හිතට ඇවිල්ලා වද දෙන්නෙ.....

ඇයි මන් ඉන්න ඉන්න තැන ඔයාව දකින්නෙ ?

ඔයා මගේ පස්සෙන් එනවවත්ද ?

අයිශ්.. මාව පිස්සු වට්ටනවා ඔයා... Mr.unknown.....

"මොකෝ ටේ ?? ආයිත් එයාද ?"

"හ්ම්...."

"මිනිහට ඔයා ගැන කැමැත්තක්වත් හිතිලද දන්නෑ..."

"අයිශ් යනවා හොබ්බො යන්න.. 🤧 එහෙම එකක් නෑ..."

"හාකො හාකො ඈ... හැංගි හැංගි වෙස් බැන්දට නටන්න වෙන්නෙ එළියෙනෙ...😌"

"අයිශ් හෝබි තමුන්නම්..."

Author P.O.V.

එදා.පාක් එකේ උන සිද්ධියට පස්සෙ කීප වතාවක්ම ටේහියුන්ග්ට අර කළු ඇදගත්ත මනුස්සයව හම්බුණා. කීප වතාවක් නෙමේ... ගොඩක් වතාවල්වල...

දැන් ටේයි හෝබියි ඉන්නෙ කොලේජ් එකේ කැන්ටිමේ...

මේ අතරෙදි තමයි ටේ කැන්ටිමේ තියෙන වීදුරුවෙන් දකින්න එළියෙ පදුරකට මුවා වෙලා එයාලා ඉන්න දිහා බලාගෙන ඉන්න එයාගෙ Mr.Unknow ව...

නමක් ගමක් දන්නැති මනුස්සයෙක් හින්දා ටේ එයාට නමක් දැම්මා... ඒ තමයි Mr.Unknow...

මේක ටේහියුන්ගෙ ඇස් වලට දැන් සුලබ දර්ශනයක්...

ටේ යන්නෙ කොතනද එතන Mr.Unknown ගෙ චායාවක් හරි තියෙනවා....

ඒ නිසාම Mr.Unknow ගැන හොයන්න ආසාවක් එනවා ටේහියුන්ග්ට.

එයා ඇයි මෙහෙම තමන් ඉන්න ඉන්න තැන ඉන්නෙ කියන එක ටේහියුන්ග්ට ප්‍රශ්නයක් උනා.

"හෝබි මන් වොශ් රූම් එකට ගිහින් එන්නම්.."

"ආහ් හා... මාත් එන්න ඕනෙද"

"නෑ නෑ ඔයා කන්න."

ටේ හෝබිට කියලා කැන්ටින් එකෙන් එළියට ඇවිත් අර කලින් Mr. Unknown ව දැක්ක පදුර ගාවට ආවා.

ඒත් ටේ ඒ පදුර ගාවට ගිහින් බලද්දි එතන කවුරුත් හිටියෙ නෑ.

ටේ පොඩ්ඩක් වටපිට බලලා ආයෙමත් හැරිලා කැන්ටිමට ආවා.

"ආහ් මෙච්චර ඉක්මනට ආවද ??"

හෝබි ටිකක් පුදුමෙන් වගේ ඇහුවත් ටේ හිටියෙ වෙන කල්පනාවක..

'එයා කොහෙද අතුරුදහන් උනේ.. ඇයි ?මන් ඉස්සරහට එන්නෙ නැත්තෙ '

"ද බොල ටේයියො බොට මන් කියන එව්වා ඇහෙන්නෙ නැද්ද ??"

"ඈඅ... ආහ් ඕඔ... ඔව් කියන්න.."

වෙන ලෝකෙකට ගිහින් හිටපු ටේ අන්තිමේදි මේ ලෝකෙට ආවා.

"නෑ මොකුත් නෑ. යමු ඊළග ලෙක්චර් එකට. පරක්කු වෙනවා"

_________________________________________

'....' මෙහෙම තියෙන්නෙ ටේ හිතන එව්වා ඈ... 😌

දැන් ඉදන් යන්නෙ අලුත් අප්ඩේට්ස්...

අදහස් කියන් යන්න..

Dҽαɾ ɳσ σɳҽ 🔥💫Opowieści tętniące życiem. Odkryj je teraz